Home » රනේෂ්ගෙන් දඹුල්ලට ශතකයක්

රනේෂ්ගෙන් දඹුල්ලට ශතකයක්

by sachintha
April 24, 2024 1:15 am 0 comment

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන එන්එස්එල් සිව්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරග ආරම්භ වූ ඊයේ දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් ශතකයක් රැස් කිරීමට රනේෂ් සිල්වා සමත් විය.

යාපනය කණ්ඩායමට එරෙහිව පල්ලෙකැලේදී පැවැත්වෙන මේ තරගය ඊයේ පළමු දිනයට තරගය නතර කරන විට දඹුලු පිල කඩුලු 5ක් දැවී ලකුණු 263ක් රැස් කර තිබිණි.

පළමු කඩුල්ල ලකුණු 27දී බිඳවැටීමෙන් පසු පිටියට පිවිසි 22 හැවිරිදි රනේෂ් සිල්වා සිය පළමු පෙළ දෙවැනි ශතකය ලෙස ලකුණු 100ක් රැස් කළේය. පන්දු 197කදී හතරේ පහර 9ක් එල්ල කළ රනේෂ් දෙවැනි කඩුල්ලට සනෝජ් දර්ශික සමඟ එක්ව ලකුණු 179ක සබඳතාවක් පිහිටුවීමට සමත් විය. දර්ශිකගේ ඉනිම ලකුණු 69කට සීමාවිය.

දඹුල්ල පළමු ඉනිම – 263/5 (ඕවර 83.1) රනේෂ් සිල්වා 100, සනෝජ් දර්ශික 69 (දිලුම් සුධීර 72/2)

මේ අතර ගාල්ල කණ්ඩායම සමඟ දඹුල්ලේදී ආරම්භ වූ තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ කොළඹ පිල ලකුණු 296කට දැවී ගියේය.

ඊයේ පළමු දිනයට තරගය නතර කරන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ගාල්ල පිල කඩුල්ලක් දැවී ලකුණු 3ක් රැස් කර තිබිණි.

කොළඹ ඉනිමේ ආරම්භක පිතිකරුවකු වූ හිටපු ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න පන්දු 145කදී හතරේ පහර 14ක් සමඟින් ලකුණු 89ක් රැස් කරමින් වැඩිම ලකුණුලාභියා විය.

කණ්ඩායම් 5ක් එක් වන මේ තරගවලියේ මේ තරග ද්විත්වයේ ප්‍රතිඵල මත අවසන් තරගයට එක්වන කණ්ඩායම් දෙක තීරණය වෙයි.

ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක අවසන් තරගයට එක්වන අතර, මේ වන විට මහනුවර පිල තරගාවලිය නිමා කරමින් දෙවැනි ස්ථානයේ පසු වෙද්දී ගාල්ල පිල පෙරමුණ ගෙන සිටී.

කොළඹ පළමු ඉනිම – 296 (ඕවර 78.3) දිමුත් කරුණාරත්න 89 (අසංක මනෝජ් 70/3, ධනංජය ලක්ෂාන් 41/2, රමේෂ් මෙන්ඩිස් 73/2)

ගාලු පළමු ඉනිම – 3/1 (ඕවර 3)

නිරෝෂාන් ප්‍රියංකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT