Home » චීනයේ ලොතරැයි අලෙවිය වාර්තාගත අයුරින් ඉහළට

චීනයේ ලොතරැයි අලෙවිය වාර්තාගත අයුරින් ඉහළට

by sachintha
April 24, 2024 1:15 am 0 comment

චිනයේ තරුණ පරපුර ඉක්මනින් පොහොසත් වීමේ අරමුණින් ලොතරැයි මිල දී ගැනීමට ඇබ්බැහි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය වසරේදී එරට තරුණ විරැකියාව ඉහළ යෑමත් සමඟ ලොතරැයි අලෙවිය ද සැලකිය යුතු අයුරින් වර්ධනය වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. රජයේ අනුමත ලොතරැයි අලෙවිය පසුගිය වසරේදී යුආන් බිලියන 580 ඉක්මවා ගිය බව චීන මුදල් අමාත්‍යාංශ දත්ත වාර්තා අනාවරණය කර ඇති අතර, එය මේ වසරේ පළමු කාර්තුවේදී පමණක් යුආන් බිලියන 274ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

චීනයේ පැවැති දිගුකාලීන කොවිඩ් වසංගතයත්, දැඩි ආර්ථික පසුබෑමත් හේතුවෙන් එරට තරුණ පරපුර අතර විරැකියාව හිස ඔසවා ඇති බැවින් ඔවුන් ඉක්මනින් පොහොසත් වීමේ අරමුණින් යුතුව වැඩි වශයෙන් ලොතරැයි මිලදී ගැනීමට පෙලඹී සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. තරුණ පරපුරේ ලොතරැයි මිල දී ගැනීම ඉහළ යෑමට ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ වෙළෙඳ ප්‍රචාරණ කටයුතු ද බලපා ඇතැයි වාර්තා වේ. නිරිතදිග චීනයේ යුනාන් ප්‍රාන්තයේ කෝපි අවන්හලකින් මිලදී ගන්නා සෑම කෝපි කෝප්පයක් සමඟ නොමිලේ ලොතරැයියක් සූරා වාසනාව උරගා බැලීමට අවස්ථාව සලසා ඇතැයි ද වාර්තා වේ. එම කෝපි අවන්හල සිය වෙළෙඳ ප්‍රවර්ධනය සිදු කරනු ලබන්නේ ‘වාසනාව සමඟ කෝපි කෝප්පයක්‘ ලෙස බව ද වාර්තා වේ.‘අපට සිහින තිබිය යුතුය. ඒවා සැබෑ වනු ඇතැයි කවුද දන්නේ..?‘ යැයි ප්‍රවර්ධන පාඨයක් චොංකින් නුවර ලොතරැයි අලෙවිසැලක සඳහන් වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT