Home » ගාසා තීරයේ ප්‍රහාරයට විරෝධය පළ කරමින් කොලොම්බියාව ඊශ්‍රායල සබඳතා අත්හිටුවයි

ගාසා තීරයේ ප්‍රහාරයට විරෝධය පළ කරමින් කොලොම්බියාව ඊශ්‍රායල සබඳතා අත්හිටුවයි

ජනාධිපතිගෙන් ප්‍රකාශයක්

by mahesh
May 3, 2024 1:00 am 0 comment

ගාසා තීරයේ ජන සංහාරයක් සිදු කරන බවට චෝදනා කරමින් කොලොම්බියානු රජය ඊශ්‍රායලය සමඟ සියලු රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා අත්හිටුවීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කොලොම්බියාවේ ජනාධිපති ගස්ටාවෝ පෙට්රෝ ප්‍රකාශ කර ඇත්තේ මානව හිමිකම් උපදේශකවරුන්ගේ සහ අනෙකුත් වි‍ශේෂඥවරුන්ගේ උපදෙස් මත මේ තීරණය ගත් බවය.

පෙරේදා පැවැති මැයි දින රැලියේදී කොලොම්බියාවේ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ගාසා තීරයේ සිදුවන ප්‍රහාර සම්බන්ධව නිහඬව සිටිය නොහැකි බවය. වසර 2022දී බලයට පත්වූ මේ වාමාංශික ජනාධිපතිවරයා ලතින් අමෙරිකාවේ වඩාත්ම ජනප්‍රිය රාජ්‍ය නායකයා බවට ද පත්වී සිටින අතර, ගාසා යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු ඊශ්‍රායල ප්‍රහාර පිළිබඳ චෝදනා එල්ල කළ ලතින් අමෙරිකාවේ ප්‍රබලතම ජනාධිපතිවරයා ද වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT