Home » වසර 75,000කට පෙර ජීවත් වූ කාන්තාවකගේ මුහුණ ප්‍රතිනිර්මාණය කරයි

වසර 75,000කට පෙර ජීවත් වූ කාන්තාවකගේ මුහුණ ප්‍රතිනිර්මාණය කරයි

by chanaka
May 2, 2024 2:09 pm 0 comment

නියැන්ඩර්තාල් ජාතික කාන්තාවක් ජීවත්ව සිටියදී ඇය කෙබඳු වනු ඇද්ද යන්න විද්‍යාඥයන් විසින් විශිෂ්ට ලෙස ප්‍රතිනිර්මාණය කර ඇති පුවතක් බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

ඒ අනුව මීට වසර 75,000 කට පෙර අපගේ සමීපතම මිනිස් ඥාතියෙකුගේ රුව කෙබඳු වනු ඇත්ද යන්න මෙයින් නිරූපිත වේ.

ත්‍රිමාණ ආකෘතියක් ලෙස මෙය නිර්මාණය කර ඇත.

බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ මානව විද්‍යාඥයින් පිරිසික් මෙම ව්‍යාපෘතිය සිදු කර තිබේ. මානව විද්‍යාඥ වෛද්‍ය එමා පොමරෝයි ඇතුළු පිරිසක් මෙම ව්‍යාපෘතිය සිදු කර ඇත.

මෙම ආකෘතියට පාදක වූ හිස් කබල ඉරාක කුර්දිස්තානයේ ශානිදාර් ගුහාවෙන් හමුවී ඇත. එය 1950 ගණන්වලදී අවම වශයෙන් නියැන්ඩර්තාල් පිරිමින්, කාන්තාවන් සහ ළමුන් 10 දෙනෙකුගේ දේහයන් සොයා ගත් සුවිශේෂී ස්ථානයකින් සොයා ගෙන තිබේ.

මෙම මානව හිස් කබලේ කැඩුණු කොටස් නැවත එකලස් කරමින් ඒවා ශක්තිමත් කරමින් මෙම කාන්තා රුව පර්යේෂකයන් ප්‍රතිනිර්මාණය කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT