Home » ඉන්දීය නාවික හමුදාව හවුති මිසයිල ප්‍රහාරයෙන් පැනමා තෙල් නෞකාවක් මුදාගනී

ඉන්දීය නාවික හමුදාව හවුති මිසයිල ප්‍රහාරයෙන් පැනමා තෙල් නෞකාවක් මුදාගනී

by mahesh
May 3, 2024 1:00 am 0 comment

පැනමා ධජය යටතේ රතු මුහුදේ යාත්‍රා කරමින් තිබූ තෙල් නෞකාවක් හවුති මිසයිල ප්‍රහාරයකින් මුදා ගැනීමට ඉන්දීය නාවික හමුදාව සමත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. හවුති කැරලිකරුවන්ගෙන් එල්ල වූ මිසයිල ප්‍රහාරයෙන් ඇන්ඩොමේඩා ස්ටාර් නමැති මේ තෙල් නෞකාවට සුළු හානි සිදු වූවද කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 30 දෙනා සහ නෞකාව මුදා ගැනීමට ඉන්දීය නාවික හමුදාව සමත් වී ඇත. ඉන්දීය ජාතිකයන් 22 දෙනකු ද එම කාර්ය මණ්ඩලයේ සිටි බව වැඩිදුරටත් වාර්තා වේ.

මිසයිල ප්‍රහාර එල්ල කරමින් තිබියදී ඉන්දීය නාවික හමුදා හෙලිකොප්ටර් යානා මඟින් තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් පසු එහි ආරක්ෂාව යටතේ ඉන්දීය නාවික හමුදාවේ පුපුරන ද්‍රව්‍ය නිෂ්ක්‍රීය අංශයේ කණ්ඩායමක් තෙල් නෞකාවට ගොඩ වී ඇති අතර, පසුව මිසයිල ප්‍රහාරයෙන් මුදාගත් එම නෞකාව ඉන්දියාවේ වඩිනාර් වරායට රැගෙන එනු ලැබූ බව වැඩිදුරටත් වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT