Home » ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ ගාමිණී සරත්ට ගෞරව සම්මාන ආචාර්ය උපාධියක්

ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ ගාමිණී සරත්ට ගෞරව සම්මාන ආචාර්ය උපාධියක්

by mahesh
May 3, 2024 1:00 am 0 comment

ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ ගාමිණී සරත් එදිරිසිංහ මහතාට ප්‍රංශයේ පැරිස්හි තේමිස් අන්තර්ජාතික විශ්වවිද්‍යාලය මඟින් ගෞරව සම්මාන ආචාර්ය උපාධිය පිරිනමා ඇත.

සරත් එදිරිසිංහ මහතා ගම්පහ අඹගස්පිටිය මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ශ්‍රාස්ත්‍රවේදී උපාධිය ලබා ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත්ව ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයකු ලෙස 1981 වර්ෂයේ දිවුරුම් දෙනු ලැබීය.

1993 වර්ෂයේ බෞද්ධ දර්ශනය පිළිබඳ ශ්‍රාස්ත්‍රපති උපාධිය ලබා පසුව කොළඹ විශ්වවිද්‍යාලයෙන් 1995 වර්ෂයේ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලැබීය. ඉන්පසුව එම විශ්වවිද්‍යාලයෙන්ම අන්තර්ජාතික මානව අයිතිවාසිකම් නීතිය පිළිබඳ 2000 වර්ෂයේ නීතිපති උපාධිය ලබා ඇත. ආචාර්ය එදිරිසිංහ මහතා 2000 වර්ෂයේ එක්සත් රාජධානියේ එක්ස්ටර් විශ්වවිද්‍යාලයෙන් ලැබූ ශිෂ්‍යත්වයක් මත අධිකරණයෙහි මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබඳ පර්යේෂකයකු විය. 2013 වර්ෂයේදී ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විභාග අධ්‍යක්ෂවරයා විය. ඔහු විශ්වවිද්‍යාල සේවා අභියාචනා මණ්ඩලයේ සාමාජිකයකු ලෙස ද ඊට පෙර ඒ මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ පාලක සභා සාමාජිකයකු ද විය.

එකසත් රාජධානියේ පර්යේෂණ අධ්‍යයන කාලය තුළ යුරෝපානු සංගමයට අයත් බ්‍රසල්ස්, ලක්ෂ්ම්බර්ග් ස්ට්රාස්බර්ග් සහ හේග්ගි පිහිටි අන්තර්ජාතික අධිකරණ සහ ව්‍යවස්ථාදායක සභාවන්හි පැවති සම්මන්ත්‍රණ සහ සම්මේලනවලට සහභාගි විය. දකුණු කොරියාවේ සොල්හි පැවති බෞද්ධ අධ්‍යයන පුහුණු කිරීම් සඳහා ලේඛකාධිකාරිවරයා ලෙස 1994 වර්ෂයේදී සහභාගි විය. Ramsar Cop 10 පරිසර සම්මුතිය යටතේ 2008 ඔක්තෝබර් මාසයේ සොල්හි පැවති ලෝක පරිසර 10 වැනි සමුළුවට සහභාගි විය. ආචාර්ය එදිරිසිංහ මහතා මුදල් අමාත්‍යාංශය යටතේ 2002 සුබසාධන ප්‍රතිලාභ පනත යටතේ පිහිටුවන ලද සුබසාධන මණ්ඩලයේ ද 1996 ආබාධිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පනත යටතේ පිහිටුවන ලද ජාතික සභාවෙහි ද සාමාජිකයකු විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT