Home » ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සමඟ බැංකු රක්ෂණ හවුල්කාරිත්වය ශක්තිමත් කරගනී

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සමඟ බැංකු රක්ෂණ හවුල්කාරිත්වය ශක්තිමත් කරගනී

by mahesh
May 3, 2024 1:00 am 0 comment

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) ප්‍රාදේශීය සංවර්ධන බැංකුව (RDB) සමඟ ඇති බැංකු රක්ෂණ හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කරමින් බැංකු රක්ෂණ මෙහෙයුම් සඳහාම වෙන්වූ කවුළුවක් පසුගියදා කැලණිය ප්‍රාදේශීය සංවර්ධන බැංකු (RDB)ප්‍රධාන කාර්යාලයේදී විවෘත කරන ලදි. ප්‍රාදේශීය සංවර්ධන බැංකුවත් (RDB) සමඟ බාධාවකින් තොරව පාරිභෝගිකයාට රක්ෂණ විසඳුම් ලබා දීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) හි කැපවීම මෙම උපායමාර්ගික මුලපිරීම තුළින් අවධාරණය කරනු ලබයි.

මෙම සුවිශේෂී අවස්ථාවට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුවෙහි ආයතනික කළමනාකාරීත්වය සහභාගි විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්හි සමූහ ප්‍රධාන විධායක නිලධාරි චන්දන එල්. අලුත්ගම මහතා, SLICLL හි ප්‍රධාන නිලධාරි දයාරත්න පෙරේරා මහතා, SLICLL සහකාර සාමාන්‍යාධිකාරි චමින්ද අතාවුද මහතා, SLICLL හි සහකාර සාමාන්‍යාධිකාරි – අලෙවි සහ ආයතනික ව්‍යාපාර කසුන් සමීර මහතා, SLICLL හි ජ්‍යෙෂ්ඨ කළමනාකරු – බැංකු රක්ෂණ දිනූෂ ලියනපතිරණගේ මහතා, ප්‍රාදේශීය සංවර්ධන බැංකුවෙහි (RDB) සභාපති ඩබ්ලිව්. ඒ. ඩී. එස්. ගුණසිංහ මහතා, RDB හි ප්‍රධාන විධායක නිලධාරි/සාමාන්‍යාධිකාරි පී. එස්. එදිරිසූරිය මහතා, RDB හි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ණය – විශේෂ ව්‍යාපෘති සහ ප්‍රතිපත්ති සම්පාදනය බී. ජී. ඩබ්ලිව්. අතුල කුමාර මහතා, RDB හි සහකාර සාමාන්‍යාධිකාරි – ණය පී. එස්. ටී. රණතුංග මහතා RDB හි ප්‍රධාන කළමනාකාරිනි – කල්බදු සහ පුද්ගල ණය අනෝජි සිරිසූරිය මෙනෙවිය සහ RDB හි බැංකු රක්ෂණ ඒකකයේ කළමනාකාර ලලිත් ලියනගේ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සමඟ සිදු කළ මෙම සහයෝගිතා ප්‍රයත්නයෙන් පිළිබිඹු වනුයේ කාර්යක්ෂම සේවා සහ පහසුව තුළින් පාරිභෝගික අත්දැකීම් ඉහළ නැංවීමට ආයතන දෙක සතු ඇති කැපවීම වන අතර ස්ථාපිත කළ විශේෂිත කවුන්ටරය තුළින් ඔවුන්ගේ වටිනා ගනුදෙනුකරුවන් සඳහා ක්‍රියාවලි විධිමත් කිරීම සහ විස්තීරණ රක්ෂණ විසඳුම් සඳහා කඩිනම් ප්‍රවේශය සහතික කිරීමයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT