Monday, May 20, 2024
Home » යූනියන් ඇෂුවරන්ස් සහ සිංගර් ශ්‍රී ලංකා හවුල්කාරීත්ව ගිවිසුමක්

යූනියන් ඇෂුවරන්ස් සහ සිංගර් ශ්‍රී ලංකා හවුල්කාරීත්ව ගිවිසුමක්

by sachintha
May 9, 2024 1:29 am 0 comment

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්‍ෂණ සමාගම වන යූනියන් ඇෂුවරන්ස්, එහි නවතම ගෙවීම් එකතු කිරීමේ හවුල්කරු ලෙස ජාතියේ ප්‍රමුඛ පෙළේ සිල්ලර භාණ්ඩ අලෙවි සමාගමක් වන සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී සමඟ උපායමාර්ගික අවබෝධතා ගිවිසුමකට එළඹ තිබේ. කාර්යක්ෂම ගෙවීම් එකතු කිරීමේ සේවාවක් සැපයීම සඳහා දිවයින පුරා පිහිටි සිංගර් සමාගමේ පුළුල් අලෙවි සල් ජාලය හරහා පාරිභෝගිකයින්ට වඩා පහසු සේවාවක් සැපයීම මෙම හවුල්කාරීත්වයේ අරමුණයි.

මෙම හවුල්කාරීත්වය යටතේ දිවයින පුරා සිංගර් අලෙවි සල් 435ක් හරහා යූනියන් ඇෂුවරන්ස් මුදල් එක්රැස් කිරීමේ ස්ථාන තවදුරටත් පුළුල් වනු ඇත. රක්ෂණ ඔප්පු හිමියන්ට එම ඕනෑම ස්ථානයකදී ගෙවීම් කළ හැකි අතර, ඔවුන්ගේ ජීවිත රක්ෂණ වාරික සහ ණය කළමනාකරණය කිරීම පහසු වනු ඇත. තෝරාගත් සිංගර් ශාඛාවල පෙරවරු 8.30 සිට පස්වරු 7.00 දක්වා මුදල් ගෙවීමේ කටයුතු සිදු කළ හැකිය. මෙම පුළුල් සේවාව හරහා රක්ෂණ ඔප්පු හිමියන් සඳහා නම්‍යශීලී බවක් සහතික කරමින්, සාමාන්‍ය ව්‍යාපාරික වේලාවෙන් පසුව පවා ඔවුන්ගේ පහසුව අනුව සිංගර් අලෙවිසල් වෙත යාමට ඉඩ සැලසෙයි. රක්ෂණ හිමියන්ගේ කාර්ය බහුල ජීවිතය අතරතුර සිය රක්ෂණ සැලසුම් කළමනාකරණය කර ගත හැකි බව සහතික කරමින්, රක්ෂණ ඔප්පු හිමියන්ට ඔවුන්ගේ රක්ෂණ සැලැස්මේ තත්ත්වය සහ ගෙවීම් තහවුරු කිරීම් පිළිබඳ යාවත්කාලීන තොරතුරු ද ලැබෙනු ඇත. යූනියන් ඇෂුවරන්ස් යනු විවිධ කර්මාන්ත ක්ෂේත්‍ර 7ක සමාගම් 70කට අධික සංඛ්‍යාවක් සමග ක්‍රියාත්මක වන කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කර ඇති විශාලතම සමූහ ව්‍යාපාරය වන John Keells Holdings PLC සමාගමට අනුබද්ධිත ආයතනයකි. එම සමාගම දශක තුනක සාර්ථකත්වයක් සම්පූර්ණ කර ඇති අතර, 2023 දෙසැම්බර් මාසය අවසන් වන විට, එහි වෙළෙඳපොළ ප්‍රාග්ධනය රු. බිලියන 23.6ක් වූ අතර ජීවිත අරමුදල රු. බිලියන 64.1ක් විය. සියලු ම ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට සහ ඔවුන්ගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීමට ස්ථාපනය කර ඇති යූනියන් ඇෂුවරන්ස් සමාගම, ශ්‍රී ලාංකිකයන්ගේ සෞඛ්‍ය, ආයෝජන, ආරක්ෂාව, විශ්‍රාම සහ අධ්‍යාපන අවශ්‍යතා ආවරණය වන පරිදි ජීවිත රක්‍ෂණ විසඳුම් පිරිනමයි. දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් සහ 4,000කට අධික ශ්‍රම බළකායක් සමඟින්, යූනියන් ඇෂුවරන්ස් සමාගම ජීවිත රක්‍ෂණ ක්‍ෂේත්‍රයේ නැඟී එන වෙනස්කම්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා පාරිභෝගික කේන්ද්‍රීය අවධානයක් සහිතව පුද්ගලයන්, නිෂ්පාදන සහ ක්‍රියාවලීන් සඳහා ආයෝජනය කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT