Home » අවසන් සටන දිනන්න ගාල්ලට ලකුණු 176ක ඉලක්කයක්

අවසන් සටන දිනන්න ගාල්ලට ලකුණු 176ක ඉලක්කයක්

by mahesh
May 3, 2024 1:00 am 0 comment

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන නැෂනල් සුපර් ලීග් (එන්එස්එල්) සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය ජය ගැනීම සඳහා ගාල්ල කණ්ඩායමට ලකුණු 176ක ඉලක්කයක් හිමි විය.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගයේ දෙවැනි ඉනිම ක්‍රීඩා කළ මහනුවර පිල ඊයේ ලකුණු 163කට දැවී ගිය අතර, පළමු ඉනිමේ ලකුණු 12ක් පසුපසින් සිටීම හේතුවෙන් ගාල්ලට ලකුණු 176ක ඉලක්කයක් හිමි විය.

ඊයේ දෙවැනි ඉනිමට පන්දුවට පහර දීමට පිටියට පිවිසි මහනුවර පිලේ මුල් කඩුලු 4 ලකුණු 57ක් තුළ බිඳ දැමූ ගාලු පන්දු යවන්නෝ

අවසන් කඩුලු 5 දවා ගැනීමට ලබා දුන්නේ ලකුණු 15ක් පමණි.

ලකුණු 45ක් රැස් කළ රවීන් යසස් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ අතර, පුලින තරංග ලකුණු 43ක් ඉනිමට එක් කළේය.

පන්දු යැවීමේදී නිශාන් පීරිස් කඩුලු 5ක් දවාගත් අතර, ප්‍රවීන් ජයවික්‍රම සහ රමේෂ් මෙන්ඩිස් කඩුලු 2 බැගින් දවා ගත්හ.

ඊයේ තරගය ආරම්භ කරන විට කඩුලු 8ක් දැවී ලකුණු 247ක් රැස් කර සිටි ගාලු ක්‍රීඩකයෝ අවසන් කඩුලු 2 සඳහා තවත් ලකුණු 57ක් එක් කර ගත්හ.

හුදෙකලා සටනක නිරත වූ නායක රමේෂ් මෙන්ඩිස් ලකුණු 111ක් රැස් කරමින් කණ්ඩායම ලකුණු 300 සීමාවෙන් එපිටට රැගෙන ගියේය.

අද තරගයේ අවසන් දිනයයි.

මහනුවර පළමු ඉනිම – 316 (ඕවර 99) සිතාර ගිම්හාන් 90, සහන් කෝසල 84, අශේන් ඩැනියෙල් නොදැවී 50 (අසංක මනෝජ් 46/3, රමේෂ් මෙන්ඩිස් 47/2, තිලංග උදේෂන 56/2, ධනංජය ලක්ෂාන් 74/2) සහ දෙවැනි ඉනිම – 163 (ඕවර 71) (නිශාන් පීරිස් 42/5, ප්‍රවීන් ජයවික්‍රම 35/2, රමේෂ් මෙන්ඩිස් 38/2)

ගාල්ල පළමු ඉනිම – 304 (ඕවර 86.4) රමේෂ් මෙන්ඩිස් 111, ධනංජය ලක්ෂාන් 47 (සිතුම් දිසානායක 50/3, නිම්සර අතරගල්ල 66/3, ලසිත් ඇඹුල්දෙණිය 79/3)

නිරෝෂාන් ප්‍රියංකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT