Home » RDB තණමල්විල නව පරිශ්‍රයකට

RDB තණමල්විල නව පරිශ්‍රයකට

by mahesh
May 3, 2024 1:00 am 0 comment

RDB බැංකුවේ තණමල්විල ශාඛාව වඩා වැඩි පහසුකම් සහිත ස්ථානයක් කරා ප්‍රවිෂ්ට වීම 2024.04.08 දින සිදු විණි. RDB බැංකුවේ සාමාන්‍යාධිකාරි/ප්‍රධාන විධායක නිලධාරි සුමේධ එදිරිසූරිය මහතාගේ ආරාධනයෙන් බැංකුවේ සභාපති සිරිකුමාර ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්විණි. RDB බැංකුවේ මෙහෙයුම් හා බැංකු සහාය සේවා පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි බන්දුල ද සිල්වා, ඌව පළාත් ප්‍රාදේශීය සාමාන්‍යාධිකාරි කේ. බී. විජේරත්න මහතා ඇතුළු ආරාධිතයින් මෙන්ම RDB බැංකුවේ ගනුදෙනුකාර භවතුන් රාශියක් මෙම අවස්ථාව සඳහා සහභාගි විය. ඍෘඊ ගමට සටසඒක වැඩසටහන යටතේ ව්‍යවසායකයින් විද්‍යුත් ගෙවීම් පියවීම් මාධ්‍යයන් වෙත හුරුකරවීම සඳහා RDB Qr, VISA Debit කාඞ්පත් පහසුකම් ලබාදීම මෙන්ම ව්‍යවසායකයින් වෙත ලීසිං පහසුකම සහ මූල්‍ය පහසුකම් ප්‍රදානයද සිදුවීණි. ඌව පළාත් කාර්යමණ්ඩලය සහ තණමල්විල ශාඛා කළමනාකරු චතුර හීනටිගල ඇතුළු කාර්ය මණ්ඩලය ද මෙම උත්සවය සඳහා සහභාගී වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT