Home » අලවතුගොඩ නවාතැනේදී බ්‍රිතාන්‍ය යුවළකගේ දේපොළ කොල්ලකෑ තැනැත්තා මාතලේදී මාට්ටු

අලවතුගොඩ නවාතැනේදී බ්‍රිතාන්‍ය යුවළකගේ දේපොළ කොල්ලකෑ තැනැත්තා මාතලේදී මාට්ටු

by mahesh
May 3, 2024 1:00 am 0 comment

බ්‍රිතාන්‍ය ජාතික යුවළක් අලවතුගොඩ පොලිස් බල ප්‍රදේශයේ සංචාරක නවාතැන් පලක නවැතී සිටි කාමරයකින් මත්ද්‍රව්‍යවලට අබ්බැහි වූවෙකු සොරා ගන්නා ලද රුපියල් හාරලක්ෂ හැත්තෑහත්දහස් හයසිය අසූහතරක කැමරා උපකරණ සහිත වටිනාකමක් ඇති භාණ්ඩ සමඟ මාතලේ කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති කැලුම් බණ්ඩාර මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරු පිළිබඳ මාතලේ කොට්ඨාස අපරාධ දූෂණ මර්දන අංශයට ලද තොරතුරක් මත මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් රෝහණ ගමගේ මහතාගේ විශේෂ උපදෙස් මත පොලිස් අධිකාරි රෝහණ වනිගසේකර මහතාගේ අධීක්ෂණය යටතේ මහනුවර – මාතලේ මාර්ගයේ කලල්පිටිය හංදියේ දී සැකකරු නොසිතූ ආකාරයට අත්අඩංගුවට ගැනීමට කොට්ඨස දූෂණ මර්දන අංශයේ නිලධාරින් මෙහෙයවා සැකකරු අල්ලා ගැනීමට කටයුතු කර ඇත.

සිද්ධිය පිළිබඳව දීර්ඝ ලෙස නිරීක්ෂණය කිරීමේදී අලවතුගොඩ සංචාරක නවාතැන් පලකින් සොරා ගත් භාණ්ඩ බව සැකකරු අනාවරණය කිරීමත් සමඟ එහි තිබී G0PR වර්ගයේ ඩිජිටල් කැමරාවක්, පවර් බෑන් එකක්, ඇපල් වර්ගයේ අත් ඔර්ලෝසු දෙකක්, කොණ්ඩා කපන මැෂිමක්, සෝනි වර්ගයේ ඩිජිටල් කැමරාවක්, අතේ ගෙනයා හැකි බෆල් එකක්, ස්මාර්ට් ජංගම දුරකතනයක්, හෙඩ්පෝන් සෙට් එකක් සමඟ අත්අඩංගුවට ගත් අතර අලවතුගොඩ පොලිස් සටහන් අනුව මුදල් සොරකමක් ගැනද සඳහන් වේ.

මෙලෙස සොරා ගෙන තිබූ භාණ්ඩ මාතලේ දෙසට රැගෙන යන අවස්ථාවේදී දූෂණ මර්දන අංශයට ලද තොරතුරක්මත මඟ රැක සිට අල්ලා ගැනීමත් සමඟ මෙම පුද්ගලයා උකුවෙල ප්‍රදේශයේ පදිංචිකාරයෙකු බවත් දීර්ඝ ලෙස විමර්ශනය කර මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත තිබූ බවද පොලිසිය සඳහන් කළේය.

උකුවෙල සංචාරක ප්‍රියන්ත සුමනසේන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT