Thursday, May 15, 2025
Home » මෝදිගේ ජයග්‍රහණය පතා අමෙරිකාවේ පෙළපාළි

මෝදිගේ ජයග්‍රහණය පතා අමෙරිකාවේ පෙළපාළි

by sachintha
April 24, 2024 1:18 am 0 comment

මෙවර ඉන්දීය මහමැතිවරණයේදී අගමැති නරේන්ද්‍ර මෝදිගේ ජයග්‍රහණය ප්‍රාර්ථනය කරමින් අමෙරිකාවේ ඉන්දීය ඩයස්පෝරාව සහ ස්වේච්ඡා කණ්ඩායම් එක්ව අමෙරිකාව පුරා විවිධ ස්ථානවල පෙළපාළි ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ලොස් ඇන්ජලිස් නුවර ටයිම්ස් චතුරස්‍රය,චිකාගෝ, නිව්ජර්සි, මිචිගන් ඇතුළු නගර රැසක එම පෙළපාළි පැවැත්වූ බවත්, ඊට විශාල පිරිසක් එක් වූ බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

‘මෝඩි කා පර්වාර්‘ (මෝඩිගේ පවුල) තේමාව යටතේ එම පෙළපාළිය පවත්වා ඇති අතර, මෝදිගේ ජනප්‍රියත්වත්, ඉන්දියාව ගෝලීය වශයෙන් ඉහළම මට්ටමේ සංවර්ධිත රටක් ලෙස පරිවර්තනය කිරීමට ඔහු සතු හැකියාවත් ප්‍රකාශ කරමින් මෙවර ඉන්දීය මහමැතිවරණයෙන් මෝදි නැවත වරක් බලයට පත්කිරීමේ පණිවුඩය ඉන්දීය ජනතාවට ලබා දීම අරමුණු කරමින් එය පැවැති බව ද වාර්තා වේ. මෙවර මහමැතිවරණයේදී අගමැති මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ සන්ධානය ආසන 400ක් ජයගන්නා බවට සඳහන් උදේ‍යා්ග පාඨ ද එහිදී ප්‍රදර්ශන කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT