Home » ඇෆ්ගන් ජාතිකයෝ 800ක් පාකිස්තානයෙන් නෙරපෙති

ඇෆ්ගන් ජාතිකයෝ 800ක් පාකිස්තානයෙන් නෙරපෙති

by sachintha
April 24, 2024 1:19 am 0 comment

පාකිස්තානයේ රැඳී සිටි ඇෆ්ගන් සරණාගතයන් 800කට වැඩි පිරිසක් ටෝකම් සහ ස්පින් බොල්ඩක් දේශසීමා ඔස්සේ පාකිස්තානයෙන් පිටුවහල් කර ඇතැයි ඇෆ්ගනිස්තානයේ කාමා පුවත් සේවය වාර්තා කළේය. ගත වූ පැය 48 ඇතුළත රටින් පිටවන ලෙස ඇෆ්ගනිස්තාන සරණාගතයන් 837කට නියෝග කර තිබූ බවත්, ඉන් පුද්ගලයන් 468 දෙනකු ටෝකම් දේශසීමාව ඔස්සේ ඇෆ්ගනිස්තානයට පැමිණි බවත් සරණාගතයන් පිළිබඳ තලේබාන් ආමාත්‍යාංශය නිවේදනය කර ඇතැයි ද වාර්තා වේ. ස්පින් බොල්ඩක් දේශසීමාව හරහා තවත් සරණාගතයන් 369 දෙනකු ඇෆ්ගනිස්තානයට සේන්දු වූ බව කාමා පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.

පාකිස්තානයේ සිදුවන ත්‍රස්ත ක්‍රියාකාරකම්වලට ඇෆ්ගනිස්තානයෙන් පැමිණි පුද්ගලයන්ගේ සම්බන්ධයක් ඇතැයි එරට බුද්ධි අංශ තොරතුරු මත ඇෆ්ගන් සරණාගතයන් රටින් පිටුවහල් කිරීම සිදුවන අතර, පසුගියදා 800කට අධික පිරිසක් පිටුවහල් කරනු ලැබුවේ දෙවැනි පියවර ලෙසටය. පාකිස්තානයේ සිට නැවත පැමිණෙන ඇෆ්ගනිස්තාන සරණාගතයන්ට නිවාස, වෛද්‍ය පහසුකම් සහ එම පවුල්වල දරුවන්ට අධ්‍යාපනය ලබාදීම බරපතළ ගැටලුවක් වනු ඇතැයි ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT