Home » ඉන්දියාවේ අයෝධ්‍යා හින්දු කෝවිලේ ආගමික ප්‍රධානි මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දකී

ඉන්දියාවේ අයෝධ්‍යා හින්දු කෝවිලේ ආගමික ප්‍රධානි මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දකී

by sachintha
April 24, 2024 1:00 am 0 comment

ගෞතම බුදුරජාණන් වහන්සේ දෙසූ ධර්මය අනුගමනය කිරීම ලෝකයට සාමය ඇති කිරීමට ඇති හොඳම මාර්ගය බව ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ අයෝධ්‍යා හින්දු කෝවිලේ ආගමික ප්‍රධානි ස්වාමි ශ්‍රී ගෝවින්දා දේව් ගිරි ජී මහරාජ් පවසයි.

ඉන්දියාවේ ප්‍රධානතම ආගමික නායකයකු වන ගෝවින්දා දේව් පෙරේදා (22) මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදැක මේ බව පැවැසුවේය. ශ්‍රී දළදා මාලිගාවට ගිය ගෝවින්දා දේව් ගිරි ජී දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සමඟ සුහද පිළිසඳරක නිතරව ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගත්තේය. අනතුරුව අස්ගිරි මහා විහාරයට ගිය පූජකවරයා එම පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහා නාහිමියන් බැහැදුටුවේය. පසුව මල්වතු මහා විහාරයේදී එම පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහා නාහිමියන් බැහැදැක ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ආගමික සම්බන්ධතාව පිළිබඳව සාකච්ඡා කළේය.

ගෝවින්දා දේව් ගිරි ජී මහරාජ්ගේ අනුගාමිකයන් මිලියන 900ක් පමණ ලොව පුරා වෙසෙන බවත් අයෝධ්‍යා කෝවිලේ හින්දු ආගමික සිද්ධස්ථානයෙන් දිනකට පුද්ගලයන් හාරලක්ෂයකට අධික පිරිසකට ආහාරපාන නොමිලේ දෙන බවත් ගිරි ජී තුමන්ගේ අනුගාමිකයෝ මෙහිදී ප්‍රකාශ කළහ.

රාමා – සීතා පුරාවෘත්තය මූලික කොට ගනිමින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර වඩාත් පුළුල් සබඳතාවක් ඇති කිරීමට තමා මුල් වන බව ද ගෝවින්දා දේව් මෙහිදී පැවැසුවේය.

මෙහිදී මල්වතු මහා නාහිමියන් පැවැසුවේ ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේ සංස්කෘතිය ද බෙහෙවින් සමාන බවත් ආගම හා සම්බන්ධ මේ බැඳීම් ඉතා දිගු අතීතයක සිට පැවැත එන බවත්ය.

අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT