Home » පේදුරුතුඩුවේ කාන්තාවකට මත්ද්‍රව්‍ය එන්නත් කොට 10ක් එක්ව දූෂණය කරලා

පේදුරුතුඩුවේ කාන්තාවකට මත්ද්‍රව්‍ය එන්නත් කොට 10ක් එක්ව දූෂණය කරලා

by mahesh
April 25, 2024 1:00 am 0 comment

උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ

යාපනයේ පේදුරුතුඩුව ආණ්ඩියන් ගම්මානයේ පදිංචි කාන්තාවකට මත්ද්‍රව්‍ය එන්නත් කොට තරුණයින් දස දෙනෙකු පමණ ඇයව සමූහ දූෂණයකට ලක් කළ බවට පේදුරුතුඩුව පොලිසියට පෙරේදා (23) පැමිණිලි ලැබී තිබේ.

පැමිණිල්ල ඔස්සේ පරීක්ෂණ පවත්වන පොලිසියට හෙළි වී ඇත්තේ මීට පෙරද අදාළ තරුණයින් විසින් මේ වසරේ ජනවාරි මාසයේදී ඒ කාන්තාව බලහත්කාරයෙන් දූෂණය කොට මේ ගැන කිසිවෙකුට හෝ නොපවසන ලෙස බලකොට ඇයට මරණීය තර්ජන එල්ල කළ බවයි.

මව හා පියා මියගිය පසුව ඇය සිය වැඩිමල් සහෝදරිය යටතේ ජීවත් වී ඇති අතර ඇයද පසුගිය වසරේදී මියයාමෙන් පසුව එම කාන්තාව නිවසේ තනිවම ජීවත් වී ඇත. තරුණයින් පිරිස මුල්ම වරට ඇයව දූෂණය කොට ඇත්තේ ඇය තනිවම නිවසේ සිටින අවස්ථාවකදීය.

මෙවරද ඇයගේ නිවසට පැමිණි තරුණයින් පිරිසක් ඇයට සිහිමඳ වන්නට කිසියම් මත්ද්‍රව්‍යයක් බලහත්කාරයෙන් එන්නත් කොට තරුණයින් පිරිස ඇයව බලහත්කාරයෙන් සමූහ දූෂණයකට ලක් කොට තිබේ. සමූහ දූෂණයට ලක් වීමෙන් පසුව බරපතළ ලෙස රෝගී වූ මෙම කාන්තාව පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව සිද්ධිය සම්බන්ධයෙන් සියලුම තොරතුරු හෙළි වී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT