Saturday, May 18, 2024
Home » ඉරාන ජනපතිගේ ශ්‍රී ලංකා සංචාරයෙන්…
63 වසරක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තර කළ

ඉරාන ජනපතිගේ ශ්‍රී ලංකා සංචාරයෙන්…

by mahesh
April 25, 2024 1:00 am 0 comment

වර්ෂ 1961දී එවක ලොව ‘සිලෝන්’ නමින් ප්‍රකට වූ ලංකා දේශය සහ ‘පහ්ලවි ඉරාන්’ ලෙස හැඳින්වුණු ඉරාන ඉස්ලාමික ජනරජය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට මුල පිරීය. ඒ, පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර පිහිටි ලංකා තානාපති කාර්යාලය ඔස්සේය. එහි ඉදිරි පියවරක් ලෙස 1975දී ඉරාන තානාපති කාර්යාලයක් කොළඹ පිහිටුවනු ලැබූ අතර, ශ්‍රී ලංකාව 1990දී ටෙහ්රාන් නුවර තම තානාපති කාර්යාලය විවෘත කළේය. මහ්මුද් අහ්මදිනෙජාඩ් මහතා 2005දී ඉරනයේ ජනපති ධුරයට පත් වූ පසු ස්වකීය ප්‍රථම විදේශ සංචාරය සඳහා (2008) තෝරාගත්තේ ශ්‍රී ලංකාවය. එසේම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද ඉරානයේ සංචාරයක යෙදුණේය.

මෙලෙස දිගහැරෙන දෙරට අතර මිතු දමේ අග්‍ර ඵලය ලෙස 2010 වසරේදී ආරම්භ කෙරුණු ‘උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය’ හැඳින්විය හැකිය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනාව පරිදි ඉරාන ජනපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා ඊයේ (24) පෙරවරුවේ මත්තල ගුවන්තොටින් මෙරටට සම්ප්‍රාප්ත වූයේ මේ උමා ඔය ව්‍යෘපෘතිය ලක් ජනතාවට පවරා දීමට එක් වනු පිණිසය. එහි කටයුතු නිමා වීමෙන් පසු මත්තල සිට ගුවන් මඟින් කටුනායක කරා පැමිණි ඒ මහතා ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලයේදී ගෞරව බහුමානයෙන් යුක්තව පිළිගනු ලැබීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමඟ

ද්විපාර්ශ්වික සාකච්ඡාවකටද එක් විය.

ඉරාන ජනපතිගේ ශ්‍රී ලංකා සංචාරයේ විශේෂ අවස්ථා කිහිපයක් කැමරා ඇසෙහි සටහන් වූයේ මෙලෙසිනි.

din-04-25-pg08-R2

ඡායාරූප – ජනාධිපති මාධ්‍ය අංශය සහ සුලෝචන ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT