අනුරාධපුර ප්‍රදේශයේ නිල රාජකාරි කටයුත්තක් සඳහා ගොස් සිටියදී ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ දුම්රිය සාමාන්‍යාධිකාරි එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (25) පස්වරු 4.30ට බොරැල්ල කනත්තේදී සිදු කෙරේ. ඒ මහතාගේ දේහය ඊයේ (24) දහවල් 01.00 දක්වා මරදාන ටෙක්නිකල් මංසන්ධිය අතර දුම්රිය මූලස්ථාන ගොඩනැඟිල්ලේ අවසන් ගෞරව වෙනුවෙන් තැන්පත් කර තැබිණි. ඊයේ (24) දහවල් 01.00 සිට අද (25) පෙ ව.08.00 දක්වා ඒ මහතාගේ දේහය බොරැල්ල බේස්ලයින් මාවත දුම්රිය ස්ථානය අසල දුම්රිය නිල නිවාස පරිශ්‍රයේ තැන්පත් කර තැබුණු අතර අද (25) පෙ. ව.08.00 සිට සවස දක්වා බොරැල්ල A F රේමන්ඩ් මල් ශාලාවේ ඒ මහතාගේ දේහය තැන්පත් කර තැබේ. අවසන් කටයුතු අද (25) පස්වරු 4.30ට බොරැල්ල කනත්තේදී සිදු කෙරේ.
344