Home » පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ඊබ්‍රාහිම් ජවිපෙ ජාතික ලයිස්තුවේ නියෝජිතයෙක්

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ඊබ්‍රාහිම් ජවිපෙ ජාතික ලයිස්තුවේ නියෝජිතයෙක්

by mahesh
April 25, 2024 1:00 am 0 comment

පාස්කු ප්‍රහාරය වැනි ප්‍රහාරය නැවත ඇති නොවීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගත යුතු බව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සංජීව එදිරිමාන්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) ප්‍රකාශ කෙළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රි සංජීව එදිරිමාන්න මහතා මේ බව සඳහන් කෙළේ පාර්ලිමේන්තුවේදී ඊයේ (24) පැවැති පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ විවාදයට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රි සංජීව එදිරිමාන්න මහතා මෙසේ ද පැවසීය.

“එම ප්‍රහාරය සම්බන්ධයෙන් නම සඳහන් වූ ඊබ්‍රාහිම් නම් තැනැත්තා ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවේ සිටි නියෝජිතයෙක්.

මේ පාස්කු දින ප්‍රහාරය පිළිබඳව මම මේ පාර්ලිමේන්තුවේ විවාද බොහෝමයකට සහභාගි වුණා. නැවත නැවත මේ පිළිබද වැඩිදුර කතා කරන්නට අවශ්‍යත් නෑ. අද ශ්‍රී ලංකාවට ඉතා වැදගත් දවසක්. අද ඉරාන ජනාධිපතිවරයා අපේ රටට ආවා. උමා ඔය කියන දැවැන්ත ව්‍යාපෘතිය එතුමා අතින් ආරම්භ වුණා. මම අහනවා මේ ව්‍යාපෘතියේ හිලක් තියනවා කියපු ජනතා විමුක්ති පෙරමුණේ සමන්ත විද්‍යාරත්න කෝ. මං හිතුවේ එයා ගිහින් උමා ඔය ව්‍යාපෘතියේ එයා තියනවා කියපු හිල ඉරාන ජනාධිපතිවරයාට පෙන්වයි කියලා. නමුත් මං බැලුවේ අද පාර්ලිමේන්තුවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරු දෙන්නත් ඒ පෙරමුණේ නොවන මන්ත්‍රිවරියත් කවුරුත් නෑ. මේ ව්‍යාපෘතිය ගැන එයාලා මුකුත් කියන්න දැන් නෑ.

පාස්කු දින ප්‍රහාරය ගැන කතාකරද්දි ඊබ්‍රහිම් නානා ගැන කතා කරනවා. ඊබ්‍රහිම් නානා කොහෙද හිටියේ. ඒක මුළු රටම දන්නවා. ඒත් ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ ඊබ්‍රාහිම් නානා හිටියේ 2015 ජාතික ලැයිස්තුවේ කියලායි. ජනතා විමුක්ති පෙරමුණට මේවා ගැන කතා කරන්න දෙයක්ද නෑ. නමුත් මම කියන්නේ මේ වගේ දේවල් නැවත නොවෙන්නට අපි වගබලා ගත යුතුයි.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT