මහා පරිමාණයේ හෙරොයින් ජාවාරමේ නියුතු පිය පුතු දෙදෙනකු හෙරොයින් ග්‍රෑම් 10ක් හා තියුණු විශාල කඩුවක්ද, යුද හමුදා කමාන්ඩෝ නිල ඇඳුම් කට්ටලයක් ද සමඟ 23 වන පෝය දින කහතුඩුව ප්‍රදේශයේදී කහතුඩුව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.
මෙම දෙදෙනා ස්ථිර පදිංචියක් නොකියා තැනින් තැන නවාතැන් ගෙන මහා පරිමාණයේ ජාවාරම්කරුවන්ගෙන් ලබා ගන්නා හෙරොයින් ඊෂි කෑෂ් ක්‍රමයට දීර්ඝකාලීනව කහතුඩුව, හොරණ, පිළියන්දල, මොරටුව, ලුනාව, බොරලැස්ගමුව යන ප්‍රදේශවලට අලෙවිකර ඇති බවට මූලික විමර්ශනවලට අනුව අනාවරණය වී ඇතැයිද පොලිසිය කියයි.
සැකකරුවන් මෙම හමුදා නිල ඇඳුම් ලැබුණේ කෙසේද යන්න හෙළි නොකිරීමත්, ඒවා යොදාෙගන ප්‍රදේශයේ තවත් විවිධ අපරාධ සිදුකර ඇති බවට සැක කරන පොලිසිය අධිකරණයෙන් ලබාගත් රැඳවුම් නියෝග මත රඳවා තබාගන වැඩිදුර ප්‍රශ්න කරමින් පරීක්ෂණ සිදු කරගන යනු ලබන බවත් පොලිසිය පැවසීය.
වැඩිදුර පරීක්ෂණ කටයුතු කහතුඩුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.එච්.කේ. ප්‍රියංකර මහතාගේ අධීක්ෂණය මත අපරාධ විමර්ශන අංශය ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පැතුම් අංජන මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් කොස්තාපල්වරු වන (8436) ප්‍රියංකර, (93580) දිල්ෂාන් යන කණ්ඩායම විසින් සිදු කරෙගන යනු ලබති.