Home » බැංගලූරු නුවර ඡන්දදායකයන් දිරිගැන්වීමට නොමිලේ ආහාරපාන හා ප්‍රවාහන පහසුකම්

බැංගලූරු නුවර ඡන්දදායකයන් දිරිගැන්වීමට නොමිලේ ආහාරපාන හා ප්‍රවාහන පහසුකම්

by sachintha
April 26, 2024 2:42 am 0 comment

ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ බැංගලූරු නුවර ජනතාව ඡන්දය භාවිත කිරීමට දිරිගැන්වීම අරමුණු කරමින් නොමිලේ ආහාර සහ ටැක්සි රථ මගින් ප්‍රවාහන පහසුකම් සැපයීමට සමාගම් රැසක් කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ පියවර ගෙන ඇත්තේ කර්නාටක ප්‍රාන්තයේ ඡන්දය භාවිත කිරීම අඩු මට්ටමක පැවැතීම නිසා බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. අද ඇරැඹෙන ඉන්දීය මහමැතිවරණයේ දෙවැනි වටයේදී ඡන්දය භාවිත කරන ජනතාවට මැතිවරණ නීති උල්ලංඝනය නොවන අයුරින් එම කටයුතු සිදු කිරීමට කටයුතු යොදා ඇතැයි ද වාර්තා වේ. පසුගිය 2019 මහමැතිවරණයේදී කර්නාටක ප්‍රාන්තයේ අඩුම ඡන්ද ප්‍රතිශතය වාර්තා වී ඇත්තේ බැංගලූරු නුවරින් බව ද වාර්තා වේ.

ඡන්දය භාවිත කිරීමට ජනතාව උනන්දු කිරීම සඳහා හෝටල් රැසක් ද ඉදිරිපත් වී ඇති අතර, බැංගලූරු නුවර හෝටල් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කර ඇත්තේ හෝටල් සහ අවන්හල් විවිධ ආහාර පාන නොමිලේ හෝ අඩු මුදලකට ජනතාවට ලබා දීමට කටයුතු යොදා ඇති බවය.

මැතිවරණය ආරම්භ වූ පසුගිය සතියේදී ද ඡන්දය භාවිත කිරීමට ජනතාව දිරිගන්වමින් නොමිලේ ආහාර පාන ලබාදීමට කටයුතු යොදා තිබූ අතර, මේ පිළිබඳ ප්‍රසිද්ධියේ නිවේදනය කර ඇත්තේ පසුගියදා අධිකරණය ඊට අවසර ලබාදීමෙන් පසුව බව ද වාර්තා වේ. බැංග්ලූරු නුවර ප්‍රකට මත්පැන් අවන්හලක් මගින් ඡන්දය භාවිත කරන පළමු 50 දෙනාට නොමිලේ බීර බෝතලයක් පිරි නමන බව නිවේදනය කර ඇතැයි ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT