Sunday, May 5, 2024
Home » ඉන්දීය මැතිවරණය ආවරණය කළ ඔස්ට්‍රේලියානු මාධ්‍යවේදිනිය රටින් පිට වෙයි

ඉන්දීය මැතිවරණය ආවරණය කළ ඔස්ට්‍රේලියානු මාධ්‍යවේදිනිය රටින් පිට වෙයි

by sachintha
April 26, 2024 2:42 am 0 comment

ඉන්දිය මහමැතිවරණය ආවරණය කරමින් සිටි ඔස්ට්‍රේලියාවේ ඒබීසී පුවත් සේවයේ මාධ්‍යවේදිනියක වන අවානි ඩයස් හදිසියේම රටින් පිටවී ගොස් ඇතැයි වාර්තා වේ. ඇය රටින් පිටවී ඇත්තේ ඉන්දීය රජයේ නියෝගය හේතුවෙන් බවට ඇතැම් වාර්තා පළවූවද, ඇගේ වීසා බලපත්‍රය ජූනි මාසය දක්වා දීර්ඝ කිරිමට ඉන්දීය රජය පියවර ගෙන තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සිය මාධ්‍ය ආවරණය කටයුතු අතරතුර අවානි ඩයස් වීසා නීති උල්ලංඝනය කර ඇතැයි අනාවරණය වී ඇති අතර, අප්‍රේල් මස 18 වැනිදා කල් ඉකුත් වූ ඇගේ වීසා බලපත්‍රය ජූනි මස අවසානය දක්වා දීර්ඝ කිරීමට ඉන්දීය බලධාරීන් කටයුතු කර ඇත්තේ එසේ තිබියදී බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

කෙසේ වෙතත් අවානි ජයස් පසුගිය 19 වැනිදා ඉන්දියාවෙන් පිටවී ගොස් ඇත්තේ සීමාව ඉක්මවා කටයුතු කරන බවට චෝදනා කරමින් ඇගේ වීසා බලපත්‍රය දීර්ඝ කිරීම ඉන්දීය රජය විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් බවට ද ඇතැම් මාධ්‍ය සඳහන් කර තිබේ. ඉන්දීය රජය එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර, වීසා බලපත්‍ර හිමි සියලුම විදෙස් මාධ්‍යවේදින්ට මහමැතිවරණ ක්‍රියාකාරකම් ආවරණය කිරීමට අවසර ලබා දුන් බව ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. කෙසේ වුවද ඉන්දීය රජය එම ගැටලුව පිළිබඳ පැහැදිලි කිරීමක් කළ යුතුව ඇතැයි ඉන්දිය මාධ්‍ය සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT