Saturday, May 18, 2024
Home » චන්ද්‍රයාගේ සැඟවුණු කොටස් සොයා මෙහෙයුමක්

චන්ද්‍රයාගේ සැඟවුණු කොටස් සොයා මෙහෙයුමක්

by chanaka
May 4, 2024 5:15 pm 0 comment

චන්ද්‍රයාගේ සැඟව ඇති දුරස්ථ කොටසේ සාම්පල ලබාගැනීම සඳහා චීනය Chang’e-6 අභ්‍යවකාශ යානය සාර්ථකව දියත් කර තිබේ.

එය චන්ද්‍ර ගවේෂණ ඉතිහාසයේ එවැනි ගවේෂණයක් ආරම්භ කළ පළමු අවස්ථාව යි.

Chang’e-6 අභ්‍යවකාශ යානය රැගත් Long March-5 රොකට්ටුව චීනයේ දකුණු ප්‍රදේශයේ පිහිටි දූපත් පළාතක් වන හයිනාන් වෙරළේ Wenchang අභ්‍යවකාශ යානා දියත්කිරීමේ මධස්ථානයේ සිට ගුවන්ගත කර ඇත.

චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනයට අනුව (CNSA) ආසන්න වශයෙන් මිනිත්තු 37 කට පමණ පසු මෙම යානය රොකට්ටුවෙන් වෙන්ව සැලසුම් කළ කක්ෂයට සාර්ථකව ඇතුළුව තිබේ.

චීන ඉංජිනේරු ඇකඩමියේ විද්‍යාඥ සහ චීන චන්ද්‍ර ගවේෂණ වැඩසටහනේ ප්‍රධාන සැලසුම්කරු Wu Weiren මහතා පැවසුවේ, චන්ද්‍රයාගේ සැඟවුණු දුරස්ථ ප්‍රදේශය පිළිබඳ පවතින්නේ ඉතා අල්ප දත්ත ප්‍රමාණයක් පමණක් බවයි.

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් එය චන්ද්‍රයාගේ සැඟවුණු දුරස්ථ ප්‍රදේශයේ පරිසරය සහ ද්‍රව්‍යමය සංයුතිය අවබෝධ කරගැනීමට ඉවහල් වනු ඇති බව ද Wu Weiren ප්‍රකාශ කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT