පාස්කු ඉරුදින ප්‍රහාරය වැනි ප්‍රහාර වළක්වා ලිය යුතු කණ්ඩායම් එවන් ප්‍රහාරවලට සම්බන්ධ වන්නේ නම් ඉන් එහාට කතා කළ යුතු දෙයක් නැති බවත්, රටට නව ජන වරමක් අවශ්‍ය බවත් ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (25) ප්‍රකාශ කළේය.
එමෙන්ම මේ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ පිළිබඳ සෑහීමකට පත් විය හැක්කේ වින්දිතයන්ට සාධාරණයක් ඉටු වුව හොත් පමණක් බවද අනුර දිසානායක මහතා පැවසීය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඊබ්‍රහිම් නම් පුද්ගලයාට විවිධ චෝදනා එල්ල කරන බවත්, තම පක්ෂයේ ජාතික ලැයිස්තු නියෝජිතයකු වූ ඒ තැනැත්තා වරදක් කර ඇත් නම් දඬුවම් දිය යුතු බවත් හෙතෙම පැවසීය. ඒ තැනැත්තා අත්අඩංගුවට ගෙන විමර්ශන කළද පාස්කු ප්‍රහාරය සිදු වී වසර පහක් ගත වුවත් අද වන තෙක් ඔහුට එරෙහිව නඩුවක් ගොනු කර නැති බවද හෙතෙම පැවසීය. ඔහු මේ බව සඳහන් කළේ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ විවාදයට එක් වෙමිනි.