Home » සංඝරාජ මාවතේ බෝධිමළුව පන්සල ළඟ බෝ අත්තක් වැටී 2කට තුවාල වාහන 2කටත් දැඩි හානි

සංඝරාජ මාවතේ බෝධිමළුව පන්සල ළඟ බෝ අත්තක් වැටී 2කට තුවාල වාහන 2කටත් දැඩි හානි

by sachintha
April 26, 2024 2:04 am 0 comment

පංචිකාවන්ත සංඝරාජ මාවතේ බෝධිමළුව විහාරස්ථානය අසල ඇති විශාල බෝ ගසේ අත්තක් මාර්ගයට කඩා වැටීමෙන් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලැබූ බව මරදාන පොලිසිය පැවසීය.

අනතුරින් ධාවනය වෙමින් තිබූ ලොරියකට සහ ත්‍රිරෝද රථයකට බරපතළ අලාභ සිදුව ඇතැයි පොලිසිය කියයි. තුවාල ලබා ඇත්තේ එම ලොරියේ රියැදුරු සහ ත්‍රිරෝද රථයේ රියැදුරුය. ඔවුන් දෙදෙනාම කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත. අනතුර හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනයට දැඩි බාධා සිදු වූ අතර පොලිස් නිලධාරීන් හා ප්‍රදේශවාසීන් මැදිහත්ව කඩා වැටුණු බෝ අත්ත ඉවත් කර පැය කිහිපයක් තුළදී ගමනාගමනය යථා තත්ත්වයට පත් කර ඇත.මරදාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉෂාන්ත කුමාර ඇපලකොටුව මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කෙරේ.

බණ්ඩාරගම – බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT