පොලිස් නිලධාරියකුගේ හැඳුනුම්පතක් ළඟ තබා ගෙන පොලිස් නිලධාරියකු ලෙස පෙනී සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි පුද්ගලයකු මත්තේගොඩ පොලිසිය පෙරේදා (25) අත්අඩංගුවට ගෙන තිබේ.
ත්‍රිරෝද රථ රියැදුරකු වන මෙම සැකකරු ඌරාපොළ, වික්‍රමසිංහපුර පදිංචිකරුවෙකි. මත්තේගොඩ පොලිස් නිලධාරියකු විසින් මාර්ගයේ ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථයක් නවතා පරීක්ෂා කරන විට එහි රියැදුරු විසින් තමන් පොලිස් නිලධාරියකු බව කියමින් පොලිස් හැඳුනුම්පත ඉදිරිපත් කර තිබේ. මේ සම්බන්ධයෙන් සැක සිතී කළ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ මොහු වෙනත් පොලිස් නිලධාරියකුට අයත් හැඳුනුම්පතක් ළඟ තබා ගෙන සිට ඇති බවයි.
දැනට විශ්‍රාම ගොස් සිටින පොලිස් නිලධාරියකුට අයත් හැඳුනුම්පත මීට වසර 5කට පමණ පෙර අස්ථානගත වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් මෙම පොලිස් නිලධාරියා එවකට පැමිණිල්ලක්ද පොලිසියට කර තිබේ. එම හැඳුනුම්පත මෙම ත්‍රිරෝද රථ රියැදුරු විසින් භාවිත කර ඇති බව විමර්ශනවලදී හෙළිව ඇත.
සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී හෙළිව පවසා ඇත්තේ තමන් මේ හැඳුනුම්පත මාර්ගයක වැටී තිබියදී අහුලා ගත් බවයි. සැකකරු ළඟ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5 මිලි ග්‍රෑම් 200 ක් ද සොයා ගත් බව පොලිසිය කියයි. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බවත් පොලිසිය සඳහන් කරයි.
ගයාන් කුමාර වීරසිංහ සහ කොට්ටාව - ප්‍රදීප් කුමාර