Wednesday, May 8, 2024
Home » පොලිස් හැඳු­නු­ම්ප­ත­කින් කුඩු ජාවා­රම් කළ ත්‍රිරෝ­ද­කරු අල්ලාගනී

පොලිස් හැඳු­නු­ම්ප­ත­කින් කුඩු ජාවා­රම් කළ ත්‍රිරෝ­ද­කරු අල්ලාගනී

by damith
April 27, 2024 1:03 am 0 comment

පොලිස් නිල­ධා­රි­ය­කුගේ හැඳු­නු­ම්ප­තක් ළඟ තබා ගෙන පොලිස් නිල­ධා­රි­යකු ලෙස පෙනී සිටි­මින් මත්ද්‍රව්‍ය ජාවා­රමේ නිර­තව සිටි පුද්ග­ල­යකු මත්තේ­ගොඩ පොලි­සිය පෙරේදා (25) අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

ත්‍රිරෝද රථ රියැ­දු­රකු වන මෙම සැක­කරු ඌරා­පොළ, වික්‍ර­ම­සිං­හ­පුර පදිං­චි­ක­රු­වෙකි. මත්තේ­ගොඩ පොලිස් නිල­ධා­රි­යකු විසින් මාර්ගයේ ගමන් කර­මින් තිබූ ත්‍රිරෝද රථ­යක් නවතා පරීක්ෂා කරන විට එහි රියැ­දුරු විසින් තමන් පොලිස් නිල­ධා­රි­යකු බව කිය­මින් පොලිස් හැඳු­නු­ම්පත ඉදි­රි­පත් කර තිබේ. මේ සම්බ­න්ධ­යෙන් සැක සිතී කළ පරී­ක්ෂ­ණ­යේදී අනා­ව­ර­ණය වී ඇත්තේ මොහු වෙනත් පොලිස් නිල­ධා­රි­ය­කුට අයත් හැඳු­නු­ම්ප­තක් ළඟ තබා ගෙන සිට ඇති බවයි.

දැනට විශ්‍රාම ගොස් සිටින පොලිස් නිල­ධා­රි­ය­කුට අයත් හැඳු­නු­ම්පත මීට වසර 5කට පමණ පෙර අස්ථා­න­ගත වී ඇති අතර, ඒ සම්බ­න්ධ­යෙන් මෙම පොලිස් නිල­ධා­රියා එව­කට පැමි­ණි­ල්ලක්ද පොලි­සි­යට කර තිබේ. එම හැඳු­නු­ම්පත මෙම ත්‍රිරෝද රථ රියැ­දුරු විසින් භාවිත කර ඇති බව විම­ර්ශ­න­ව­ලදී හෙළිව ඇත.

සැක­ක­රු­ගෙන් කරන ලද ප්‍රශ්න කිරී­මේදී හෙළිව පවසා ඇත්තේ තමන් මේ හැඳු­නු­ම්පත මාර්ග­යක වැටී තිබි­යදී අහුලා ගත් බවයි. සැක­කරු ළඟ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5 මිලි ග්‍රෑම් 200 ක් ද සොයා ගත් බව පොලි­සිය කියයි. මේ සම්බ­න්ධ­යෙන් වැඩි­දුර විම­ර්ශන සිදු කරන බවත් පොලි­සිය සඳ­හන් කරයි.

ගයාන් කුමාර වීර­සිංහ සහ කොට්ටාව - ප්‍රදීප් කුමාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT