Home » කෝටියක අයිස් සමඟ පාතාල ප්‍රබලයෙක් කොටුවෙයි

කෝටියක අයිස් සමඟ පාතාල ප්‍රබලයෙක් කොටුවෙයි

by yasara
May 7, 2024 10:58 am 0 comment

ඉන්දියාවේදී මිය ගිය බව කියන    පාතාල නායක මාකදුරේ මධූෂ්ගේ අපරාධ ජාලය මෙහෙයවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන  වතුපිටිය පතිරණගේ දමිත් ප්‍රභාසිත අත්තනායක  හෙවත් මාකොල සුද්දා නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු හා තවත් පුද්ගලයකු රුපියල් එක්කෝටි 20 ලක්ෂයකට අධික අයිස් මත්ද්‍රව්‍ය හා මුදල් තොගයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි

එම සැකකරුවන් සමග  මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදා ගත් සුඛෝපභෝගී මෝටර් රථයක් ,අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1 ගෑම් 33 මිලිගෑම් 330 ක්  මුදල් රුපියල් 8,400,00/= ක් විද්‍යුත් තරාදියක් , ජංගම දුරකථන පහක්  මුදල් ගනුදෙනු පොතක් පොලිස් භාරයට ගෙන ඇත

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යාමයි දී තුවාල ලද පොලිස් විශේෂ කාර්ය බළකායේ කොස්තාපල්වරයකු ප්‍රතිකාර සඳහා රාගම ශීක්ෂණ  රෝහල වෙත ඇතුලත් කර ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකා    ගෝනහේන කඳවුරේ බස්නාහිර පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.ඩී.පී.එන්. දේශප්‍රිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් කඩවත පොලිස් වසමේ කඩවත – කොළඹ, කෙරවලපිටිය අධිවේගී පිවිසුම අසල දී සහ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ තොටලග පොදු වෙළද සංකිර්ණය ඉදිරිපිට වේල්ලවත්ත පිවිසුම අසල දී වැටලීම් සිදුකර ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකාය බුද්ධි අංශ වෙත ලැබුණු තොරතුරකට අනුව කඩවත – කොළඹ, කෙරවලපිටිය අධිවේගී පිවිසුම අසල දී සැක කටයුතු මෝටර් රථයක් නවතා පරීක්ෂා කිරීමට යෑමේදී විශේෂ කාර්ය බලකා නිළධාරියෙකු අනතුරට ලක්කර එම මෝටර් රථය පලා යෑමට උත්සාහ කර ඇති අතර  රථය එකවරම පිටුපසට ගැනිමෙිදි මෝටර් රථයෙ පිටුපස කොටස ගැටීමෙන් සිදුවු හානිය සමග අධිවෙිගී මාර්ගයේ විශේෂ සේවා දොරටුවෙන්  පලා යෑමට උත්සාහකර ඇත.

එහිදි පිටුපස ටයරයේ හුලං බැසයෑමෙන්  ධාවනය කිරීමට අපහසු වු පසු සැකකරු මෝටර් රථයෙන් පැන අධිවේගී මාර්ගයේ දිවයද්දී විශේෂ කාර්ය බලකා නිළධාරීන් විසින් සැකකරු  බලවත් පරිශ්‍රමයක් දරාඅත් අඩංගුවට ගෙන ඇත.

මෙහිදී සැකකරු පැමිනි  මෝටර් රථයේ තිබී අයිස් 10g යි 650 mg  ක ප්‍රමාණයක් ද සොයා ගත් අතර  ඔහුගෙන් සිදු කරනු ලැබූ  ප්‍රශ්ණ කිරීම් වලදී ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ තොටලග පොදු වෙළද සංකීර්ණය  ඉදිරිපිට වේල්ලවත්ත පිවිසුම අසලදී මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ  ප්‍රබලයෙකු වු  දැනට මියගොස් සිටින සමරසිංහ ආරච්චිලාගේ මධුෂ් ලක්ෂිත නොහොත් මාකඳුරේ මධුෂ් යන අයගේ කණ්ඩායම සමඟ සමීප සම්බන්ධතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන ලද පුද්ගලයකුද අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01 ග්‍රෑම් 22 මිලි ග්‍රෑම් 680 ජාවාරමින් උපයා ගන්නා ලද මුදල් රුපියල් 8,400.00 ක් හා ඩිජිටල් තරාදියක්, ජංගම දුරකථන 05 ක් හා මුදල් ගනුදෙණු සටහන් පොතක්ද ,සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන ඇත

අත්අඩංගුවට ගත්   සැකකරුවන් අංක 104/2, ලින්දර, පමුණුවත්ත ලිපිනයේ සහ අංක 88/44, පර්තිලන් පාර, කොළඹ 14 පදිංචි වයස අවුරුදු 36 ක් හා අවුරුදු 31 වන  පුද්ගලයින් දෙදෙනෙකි

සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දී ඇත.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ජේෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මගපෙන්වීම මත සහකාර පොලිස් අධිකාරි ආර්.කේ.යු.ඕ. ජයවර්ධන මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ බස්නාහිර පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.ඩී.පී.එන්. දේශප්‍රිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කරයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT