Home » අලුතින් වකුගඩු රෝගීන් 3000ක් – සෞඛ්‍ය ඇමැති

අලුතින් වකුගඩු රෝගීන් 3000ක් – සෞඛ්‍ය ඇමැති

by sachintha
May 8, 2024 1:05 am 0 comment

මෙරටින් වාර්ෂිකව අලුතින් වකුගඩු රෝගීන් 3000ක් පමණ හඳුනා ගන්නා බව සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) පැවසීය.

වකුගඩු රෝගියකුට රුපියල් 7500ක දීමනාවක් දැනට ලබාදෙන බවත් 19,247ක් ප්‍රතිලාභ ලබන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය. සමඟි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් වකුගඩු රෝගීන් සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

ජීවත් වීමේ ආයු අපේක්ෂාව කාන්තාවකට අවුරුදු 80ක් සහ පිරිමියකුට අවුරුදු 76ක් වන බවට පසුගිය වසරේදී වාර්තා වූ බවත් කොවිඩ් හා ආර්ථික අර්බුදයත් සමඟ මාතෘ මරණ ඉහළ ගොස් ඇති බවත් ඇමැතිවරයා පැවසුවේය.

ළදරු මරණ අනුපාතිකය ඉහළ ගොස් ඇතැයි ද දැන ගැනීමට පරීක්ෂණ පවත්වමින් තිබෙන බවත් ආර්ථික හා කොරෝනා නිසා මේ ගැටලු ඇති වූ අතර ඒ සඳහා විසඳුම් සොයන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

සමස්ත වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාව 25,000ක් දක්වා එක්ව ඇති බවත් වර්තමානයේදී සුවිශේෂ වැඩි වීමක් නොපෙන්වන බවත් ඇමැතිවරයා පැවසුවේය.

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT