Home » පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීමේ ගෞරවය ජනපතිට හිමිවිය යුතුයි – රාජ්‍ය ඇමැති අනුරාධ ජයරත්න

පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීමේ ගෞරවය ජනපතිට හිමිවිය යුතුයි – රාජ්‍ය ඇමැති අනුරාධ ජයරත්න

by sachintha
May 8, 2024 1:05 am 0 comment

පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීමේ කාරණාවේ දී එහි ගෞරවය ජනාධිපතිවරයාට හිමි කර දිය යුතු බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය ඇමැති අනුරාධ ජයරත්න මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (07) පැවසීය.

බෙදුම් නඩු (සංශෝධන) දෙවැනි වර කියවීම, බැංකු මඟින් ප්‍රදානය කරන ලද ණය අය කර ගැනීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම විවාදයට එක්වෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසීය.

රාජ්‍ය ඇමැතිවරයා මෙසේද පැවසීය,

සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයන් දළ දේශීය නිෂ්පාදනයට සියයට 51ක දායකත්වයක් ලබාදෙනවා. ඒ නිසා ඔවුන් ආරක්ෂා කළ යුතුයි. ආර්ථිකය රට කඩා වැටෙන විට ඔවුන් ආරක්ෂා කිරීමට අපි පියවර ගත යුතුයි. මේ ව්‍යවසායකයන් ආරක්ෂා කිරීම අපි හැමෝගේම වගකීමක්. මේ තාවකාලික අත්හිටුවීම සර්ව විසඳුම නොවෙයි. බැංකු ක්ෂේත්‍රයේ නිලධාරීන් තමන්ගේ ණය මුදල් අය කර ගැනීමට කුමන හෝ විදියට කටයුතු කර දේපළ අත්පත් කර ගන්නවා. එසේ කිරීමෙන් ව්‍යවසායකයන් පමණක් නොව රට පමණක් නොව බැංකු ක්ෂේත්‍රය පවා විනාශ වන බවට මේ බැංකු නිලධාරීන් හිතන්නේ නැහැ. තාවකාලිකව පරාටේ නීතිය අත්හිටුවීමට එහා ගිය ක්‍රමවේදයක් අපි විසඳුමක් ලෙස ඉදිරිපත් කළ යුතුයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT