Home » නිසි මිලක් නැතිකමින් මාළු මිරිස් වගා අතහැර දාලා

නිසි මිලක් නැතිකමින් මාළු මිරිස් වගා අතහැර දාලා

by sachintha
May 8, 2024 2:44 am 0 comment

මාතලේ දිස්ත්‍රික්කයේ වගා කර ඇති මාළු මිරිස් වගාවන්වල අස්වනු සඳහා නිසි මිලක් නොමැති වීම හේතුවෙන් ගොවීන් එම වගාබිම් අතහැර දමන තත්ත්වයට පත්ව ඇතැයි ගොවීහු කියා සිටිති.

ගොවීන් පවසන්නේ අධික පිරිවැයක් දරා සිදු කළ මෙම වගාවන්වල අස්වැන්න සඳහා වෙළෙඳපොළේ නිසි මිලක් නොමැති වීම හේතුවෙන් මේ වන විට එම වගා බිම් අතහැර දැමීමට සිදුව ඇති බවයි. වෙළෙඳපොළේ මේ දිනවල මාළු මිරිස් කිලෝවක මිල රුපියල් අසූවේ සිට රුපියල් එකසිය තිහක මිලක පවතියි. නමුත් එම ගොවීන් පවසන්නේ විශාල පිරිවැයක් මාළු මිරිස් වගාව සඳහා වැය වන බැවින් අඩුම තරමේ මාළු මිරිස් කිලෝ එකකට රුපියල් 200ක මිලක් පැවතියහොත් තම වගා සඳහා වියදම් වූ මුදල් හෝ ඒ මඟින් පියවා ගැනීමට හැකි බවයි.

කෘෂි රසායන, මිනිස් ශ්‍රමය ඇතුළු වියදම් අධික වීමත්, මාළු මිරිස් වගාව සඳහා නිතරම කෘෂි රසායන යෙදීමට සිදුවන නිසාත් ඒ සඳහා වන වියදම් සැලකිල්ලට ගැනීමේදී පවත්නා මිල කිසිසේත් ප්‍රමාණවත් නොවන බව ගොවීහු කියා සිටිති. මේ වන විට මාතලේ දිස්ත්‍රික්කයේ පල්ලේපොල, දේවහුව, නාඋල, අඹන, සැලගම ආදී ප්‍රදේශ රැසක මාළු මිරිස් වගා කර තිබේ.

නාඋල සමූහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT