Home » දින 90ක රැඳවුම් නියෝග
මන්නා රමේෂ්

දින 90ක රැඳවුම් නියෝග

by sachintha
May 8, 2024 1:01 am 0 comment

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු ලෙස සැලකෙන රමේෂ් ප්‍රියජනක හෙවත් මන්නා රමේෂ් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවශ්‍ය අවසර ලබා ගන්නා බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා ‘දිනමිණට’ ඊයේ (07) පැවැසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඩුබායිහි සිට මෙරට ගුවන්තොටුපොළ පරිශ්‍රය වෙත රැගෙන ඒමෙන් අනතුරුව රහස් පොලිස් භාරයේ පැය 72ක් රඳවා ප්‍රශ්න කිරීම ආරම්භ කර ඇති අතර දින 90ක් රඳවා ප්‍රශ්න කිරීමට අදාළ ලිපි ජනාධිපතිවරයා වෙත අවසරය සඳහා ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා පැවැසීය. ශ්‍රී ලංකා පොලිසිය කර තිබූ ඉල්ලීමට අනුව ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තු මත ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු ලෙස සැලකෙන රමේෂ් ප්‍රියජනක හෙවත් මන්නා රමේෂ් ඊයේ (07) අලුයම දිවයිනට රැගෙන පැමිණි අතර අවිස්සාවේල්ල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගැනීමේ සිදුවීම්, මත්ද්‍රව්‍ය ජාවාරම සහ මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් මන්නා රමේෂ්ට එරෙහිව චෝදනා එල්ල වීම් හේතුවෙන් මෙලෙස ප්‍රශ්න කිරීමට අවශ්‍ය නියෝග රහස් පොලිසිය විසින් ඉල්ලා ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් දිවයිනට රැගෙන ආ සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා භාරදී ඇත්තේ, බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය වෙත වන අතර මීට මාස දෙකකට ඉහතදී ඩුබායි පොලිසිය විසින් ඔහුගෙල් බිරිය, දරු දෙදෙනා සමඟ මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබූ අතර මෙරට පොලිස් කණ්ඩායමක් ඩුබායි වෙත ගොස් සැකකරු රැගෙන පැමිණියේය.

සුභාෂිණී සේනානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT