Home » හාලිඇළ කොබ්බෑකඩුව විදුහලේ රංගාභිෂේක මංගල්‍යය

හාලිඇළ කොබ්බෑකඩුව විදුහලේ රංගාභිෂේක මංගල්‍යය

by sachintha
May 8, 2024 1:02 am 0 comment

බදුල්ල අධ්‍යාපන කලාපයට අයත් බ/හාලිඇළ ඩෙන්සිල් කොබ්බෑකඩුව මහ විදුහලේ නර්තන කලාව හදාරන දරු දැරියන් පිරිසකගේ හිසවෙස් පැලඳවීමේ හා පාහිම්පත් තැබීමේ මංගල්‍යය ඉකුත්දා එම විදුහලේදි සිදුකෙරිණි.

ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ රෝහිත අමරදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උලෙළේදී විද්‍යාලයීය සිසු දරුවන් තිදෙනෙක් සඳහා වෙස් බැඳීම සහ සිසු දැරියන් හත්දෙනෙක් සඳහා පාහිම්පත් පැලඳවීම ද සිදුවිය.

බ/හාලිඇළ ඩෙන්සිල් කොබ්බෑකඩුව මහ විදුහලේ විදුහල්පති අබේවංශ මාරසිංහ මහතාගේ මඟපෙන්වීම පරිදි විද්‍යාලයීය නර්තනාචාර්ය ලසන්ත ගුරු මහතාගේ උපදේශකත්වයෙන් නර්තන කලාව ප්‍රගුණ කරන දරු දැරියන් පිරිසක් රංගාභිෂේක ලැබූ උලෙළට එම විද්‍යාලයීය නියෝජ්‍ය විදුහල්පති පූජ්‍ය බෝගහමඩිත්තේ ධම්මසාර නායක හිමියන් සහ බදුල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සරත් රණසිංහ, ඌව පළාත් සෞන්දර්ය විෂය අධ්‍යක්ෂ තමරා හේරත් යන මහත්ම මහත්මීන් ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් සහභාගි වූහ. එසේම ඊට විද්‍යාලයීය විදුහල්පති අබේවංශ මාරසිංහ මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය, අනධ්‍යයන කාර්ය මණ්ඩලය හා සිසු දරු දැරියන්ගේ මවුපියන් ද ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

හාලිඇළ සමූහ- ආර්.එම්. විජේරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT