Home » ශ්‍රී ලංකා වොලිබෝල් පිල අද පාකිස්තානයට

ශ්‍රී ලංකා වොලිබෝල් පිල අද පාකිස්තානයට

by sachintha
May 8, 2024 2:44 am 0 comment

ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම – පළමු පෙළ (වමේ සිට) – සුසිරි මංගල (අභ්‍යාසක), චන්න ජයසේකර (ප්‍රධාන පුහුණුකරු), ඒ.එස්. නාලක (ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ප්‍රධාන ලේකම්), කංචන ජයරත්න (ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති), ශ්‍රී මාල් ද සිල්වා (කළමනාකරු), දීප්ති රෝමේෂ් (නායක), නිශාන් ඉන්දික (සහාය පුහුණුකරු), පසු පෙළ – මනෝජ් සුරංග, මලීෂ රවිශාන්, ඉසුරු මධුෂාන්, ප්‍රනීත් දිනේන්ද්‍ර, ෂෙහාන් විමුක්ති, සනුක මධුභාෂන, වසන්ත ලක්මාල්, අයේෂ් දිල්හාන්, ලහිරු ප්‍රමුදිත, මංජුල නලීන්, දුලංජන් සංදීප, මහේෂ් වන්නිගමගේ, විමුක්ති සාගර.

 

පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන මධ්‍යම ආසියානු පිරිමි වොලිබෝල් තරගාවලිය එක්වීම සඳහා ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් කණ්ඩායම අද (8) මෙරටින් පිටත්ව යෑමට නියමිතය.

ඉස්ලාමාබාද් නුවරදී මේ තරගාවලිය ලබන 11 වැනිදා සිට 18 වැනිදා දක්වා පැවැත්වෙන අතර ඊට සත්කාරක පාකිස්තානය, ශ්‍රී ලංකාව සමඟ ඇෆ්ගනිස්තානය, ඉරානය, කිරිගිස්තානය සහ ටර්ක්මෙනිස්තානය ඇතුළත් වෙයි.

මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම දීප්ත රොමේෂ්ට හිමිව ඇති අතර ප්‍රධාන පුහුණුකරු ලෙස චන්න ජයසේකර මහතා කටයුතු කරයි.

තරගාවලිය ආරම්භ වන 11 වැනිදා කිරිගිස්තානයට එරෙහිව තරග බිමට පිවිසෙන ශ්‍රී ලංකා පිල 12 වැනිදා සත්කාරක පාකිස්තානයට එරෙහිවත්, 13 වැනිදා ඇෆ්ගනිස්තානයට එරෙහිවත් තරග වැදීමට නියමිතය. අනතුරුව 15 වැනිදා ඉරානය සහ 16 වැනිදා ටර්ක්මෙනිස්තානයට එරෙහිව ශ්‍රී ලංකාව තරග වදී. මූලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ ඉහළම ස්ථාන හිමි කර ගන්නා කණ්ඩායම් දෙක 17 වැනිදා අවසන් මහ තරගයට එක් වෙයි.

නිරෝෂාන් ප්‍රියංකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT