Home » ඉදිකර වසර 10ක් වසා දමා තිබූ කිවුල මධ්‍යම බෙහෙත් ශාලාව ජනතා අයිතියට

ඉදිකර වසර 10ක් වසා දමා තිබූ කිවුල මධ්‍යම බෙහෙත් ශාලාව ජනතා අයිතියට

by sachintha
May 8, 2024 2:47 am 0 comment

ඉදිකර වසර 10කට ආසන්න කාලයක් වසා දමා තිබූ මහකුඹුක්කඩවල කිවුල අංක 4 මධ්‍යම බෙහෙත් ශාලාව හිටපු රාජ්‍ය ඇමැති ප්‍රියංකර ජයරත්න මහතා හා සෞඛ්‍ය අංශ සහභාගීත්වයෙන් විවෘත කිරීම පසුගිය දින සිදු කෙරිණි.

කිවුල මධ්‍යම බෙහෙත් ශාලාව 2009 වසරේ ඉදි කිරීම් ආරම්භ කර ඇති අතර එය 2015 වසරේ අවසන් කර ඇති බව කියයි.

කිවුල, වේලාසිය, කුඩා කිවුල, දංගහවල කිවුල කටුව ඇතුළු ගම්මාන රැසක දස දහසකට වැඩි ජනතාවක් සඳහා අවශ්‍ය වෛද්‍ය පහසුකම් සැලසීමේ අරමුණින් මෙම මධ්‍යම බෙහෙත් ශාලාව ආරම්භ කිරීමට කටයුතු කර තිබුණි.

මෙම බෙහෙත් ශාලාව අවස්ථා ගණනාවකදී විවෘත කිරීමට ගත් උත්සාහයන් ව්‍යර්ථ වී තිබිණි.

හිටපු රාජ්‍ය ඇමැති වත්මන් මහකුඹුක්කඩවල සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියංකර ජයරත්න මහතා විසින් කරන ලද ඉල්ලීමට මෙම මධ්‍යම බෙහෙත් ශාලාව විවෘත කිරීම සිදු විය.

මෙම අවස්ථාවට වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සමඟ පුත්තලම නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ හා සෞඛ්‍ය අංශ බලධාරීන් රැසක් එක්ව තිබුණි.

කිවුල ගම්වාසින් විසින් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.

මෙම අවස්ථාවට එක්වූ සෞඛ්‍ය බලධාරීන් පවසා සිටියේ පළමුව මෙම ස්ථානය සායන මධ්‍යස්ථානයක් ලෙස ආරම්භ කර ඉන් පසුව මධ්‍යම බෙහෙත් ශාලාවක් ලෙස පවත්වාගෙන යාමට කටයුතු කරන බවත්ය.

පුත්තලම අතිරේක හිරාන් ප්‍රියංකර ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT