Home » මුහුදු ඛාදනයෙන් හලාවත මුතුපන්තිය දූපතේ වෙරළට දැඩි හානි

මුහුදු ඛාදනයෙන් හලාවත මුතුපන්තිය දූපතේ වෙරළට දැඩි හානි

by sachintha
May 8, 2024 2:48 am 0 comment

මුහුද රළු වීම හේතුවෙන් හලාවත මුතුපන්තිය දූපතේ වෙරළ තීරය දැඩි ලෙස ඛාදනයට ලක් වීමට පටන්ගෙන ඇත.

පසුගිය 05 දා සිට මෙම විනාශකාරී තත්ත්වය ඇති වූ බව එම දූපතේ ධීවරයෝ පවසති.

වෙරළ ඛාදනය අවම කිරීම සඳහා යොදා තිබූ දැවැන්ත බාධකයන් ද බිඳගෙන වේගවත් රළ පහර ගොඩබිමට ගැසීමට පටන් ගෙන ඇත. මේ හේතුව නිසා වෙරළ තීරය මීටර් ගණනාවක් හානියට පත් වී ඇත.

වෙරළට සමාන්තරව තිබෙන මුතුපන්තිය දූපතේ මාර්ගයක් ද තදබල ලෙස හානියට පත් වී ඇත.

මුහුදු ඛාදනයකට ලක් වූ මුතුපන්තිය දූපතේ උතුරු කොටසේ වෙරළ තීරයට ගල්වැටි යොදා තිබීම නිසා මේ වන විට එම කොටස ආරක්ෂාකාරීව පවතී.

පුත්තලම සමූහ ක්‍රිස්පිල් බෙනඩික් ප්‍රනාන්දු

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT