Sunday, May 19, 2024
Home » හොරණ ව්‍යාපා­රි­ක­යාට වෙඩි තැබූ වෙඩි­ක්කරු ගුවන්තොටේදී දැලේ

හොරණ ව්‍යාපා­රි­ක­යාට වෙඩි තැබූ වෙඩි­ක්කරු ගුවන්තොටේදී දැලේ

by damith
May 6, 2024 1:18 am 0 comment

හොරණ ප්‍රදේ­ශ­යේදී ව්‍යාපා­රි­ක­යෙ­කුට වෙඩි තබා මෙර­ටින් පලා­යා­මට උත්සාහ කළ සැක­ක­රු­වකු වෙඩි තැබීම සිදු­කර පැය කිහි­ප­යක් තුළ දී කටු­නා­යක ගුව­න්තො­ටු­පොළ වෙත පැමිණ සිටිය දී ආග­මන විග­මන දෙපා­ර්ත­මේන්තු නිල­ධා­රීන් විසින් ඊයේ (05) අත්අ­ඩං­ගු­වට ගෙන ගුව­න්තො­ටු­පොළ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේන්තු නිල­ධා­රීන් වෙත භාර දී තිබේ. හොරණ පොලිස් වසමේ බේස්ල­යින් වත්ත ප්‍රදේ­ශයේ දී ස්කූටි වර්ගයේ යතුරු පැදි­ය­කින් පැමිණ හොරණ ප්‍රදේ­ශයේ පදිංචි ව්‍යාපා­රි­ක­යෙ­කුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධි­යට සම්බන්ධ සැක­කරු ගුව­න්තො­ටු­පල ස්වයං­ක්‍රීය මුහුණු හඳු­නා­ගෙන ගැනීමේ පද්ධ­තිය (Automated Facial recognize system – AFRS) මඟින් හඳු­නා­ගැ­නී­මෙන් අන­තු­රුව මෙලෙස අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

ඊයේ (05) උදෑ­සන 10.45 ට පමණ මෙම සිද්ධිය සිදුවී ඇති අතර මෙම ව්‍යාපා­රි­කයා හොරණ ප්‍රදේ­ශයේ සිට බිරිය හා දරුවා සමඟ ග්‍රේස්ලන්ඩ් ප්‍රදේ­ශයේ ඇල්බට් පීරිස් මාවතේ නැවතී සිටින මහල් පහ­කින් යුතු සුඛෝ­ප­භෝගී නිව­සට කැබ් රථ­යෙන් පැමිණි අව­ස්ථාවේ රියැ­දුරු අසුනේ සිටිය දී මෙම වෙඩි තැබීම සිදු කර තිබෙන බව අනා­ව­ර­ණය වී තිබේ.

තුවා­ල­කරු හොරණ දිස්ත්‍රික් මහා රෝහ­ලට ඇතු­ළත් කර ඇති අතර වෙඩි ප්‍රහා­රය ඔහුගේ මුඛයේ දකුණු පැත්තට එල්ල වී ඇති අතර එය ගෙලෙහි වම් පැත්තෙන් පිටවී ඇතැයි රෝහල් ප්‍රකා­ශ­ක­යකු පැවැ­සීය.

වෙඩි ප්‍රහා­ර­යට ලක් වූ පුද්ග­ලයා සිය බිරිය සහ දරුවා සමඟ ග්‍රේස්ලන්ඩ් වත්ත පාර ඔහු පදිංචි සුඛෝ­ප­භෝගී නිවස ඉදි­රි­පි­ටට කැබ් රථ­යෙන් පැමිණ බිරිය විසින් දරු­වාව නිවසේ ගේට්ටුව විවෘත කර දරුවා ඇතු­ළට යොමු කර නැවත කැබ් රථ­යට නැ‍ඟීමත් සම­ඟම ව්‍යාපා­රි­කයා විසින් කැබ් රථය පණ ගන්වා පිට­ත්වී­මට සූදා­නම් වී ඇති අතර ඒ සම­ඟම ස්කූට­ර­ය­කින් පැමිණ තිබූ නාඳු­නන පුද්ග­ල­යන් දෙදෙ­නෙ­කු­ගෙන් පසු පැදි­කරු කැබ් රථය අස­ලට දිව විත් රිය­දුරු අසුන අසල වීදු­රු­වෙන් ව්‍යාපා­රි­කයා වෙත වෙඩි ප්‍රහා­ර­යක් එල්ල කර තිබූ බව පොලි­සිය කියයි.

ඔහු වාහ­නය සුළු දුරක් ඉදි­රි­යට ධාව­නය කර නතර කර ඇති අතර රියැ­දුරු අසුන අසල ඇති වීදු­රුවේ වෙඩි සල­කුණු දෙකක් සට­හන්ව ඇති බව පොලි­සිය පව­සයි.එම ස්ථානයේ උණ්ඩ තුනක් වැටී ඇති අතර වාහ­නය අසල බිම සෙරෙ­ප්පු­වක්ද වැටී තිබී සොයා­ගෙන තිබේ. මෙම ව්‍යාපා­රි­කයා හොරණ ප්‍රදේ­ශයේ මුදල් පොලි­යට ලබා­දෙන ව්‍යාපා­ර­යක් සිදු කරන අයකු වන අතර ඔහුගේ මුඛ­යට වෙඩි පහර වැදී ඇතැයි පොලි­සිය පව­සයි.

වෙඩි­ක්ක­රු­වන්ගේ සිය­ලුම ක්‍රියා­කා­ර­කම් ව්‍යාපා­රි­ක­යාගේ නිවසේ සවි­කර තිබෙන සීසී­ටීවී කැම­රාවේ සට­හන්ව ඇතැයි පොලිස් නිල­ධා­රි­යකු පැවැ­සීය. වහා ක්‍රියා­ත්මක වූ ව්‍යාපා­රි­ක­යාගේ බිරිය ව්‍යාපා­රි­කයා හොරණ මූලික රෝහල වෙත ඇතු­ළත් කර ඇති අතර ඔහු ශල්‍ය­ක­ර්ම­ය­කට ලක් කළ බව රෝහල් ප්‍රකා­ශ­ක­යකු පැවැ­සීය. බර­ප­තළ තුවාල ලද ව්‍යාපා­රි­කයා රෝහ­ල්ගත කරන අව­ස්ථාවේ දී අකුරු පහ­කින් යුත් පුද්ග­ල­යෙ­කුගේ නමක් පවසා ඔහු වෙඩි තැබූ බවට පැවැසී යැයි පොලිස් ආරං­චි­මාර්ග සඳ­හන් කරයි.

පිස්තෝල වර්ගයේ ගිනි අවි­ය­කින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව පොලි­සිය සඳ­හන් කරයි.

ඔහුගේ බිරිය විසින් සැක­කරු හඳු­නා­ගෙන ඇති අතර ඔහු හොරණ හොර­කැ­ටිය, කුඩා­උ­ඩුව ප්‍රදේ­ශයේ පදිංචි 31 හැවි­රිදි අයකු බව පොලි­සිය පව­සයි.සිද්ධිය සිදුවූ ස්ථාන­යට පාන­දුර කොට්ඨාස අප­රාධ පරී­ක්ෂ­ණා­ගාර නිල­ධා­රීන් පැමිණ විම­ර්ශන ආරම්භ කළ අතර පාන­දුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කා­රී­ව­ර­යාගේ මූලි­ක­ත්ව­යෙන් සිද්ධිය පිළි­බඳ ඉදිරි විම­ර්ශන හොරණ මූල­ස්ථාන පොලි­සිය විසින් සිදු කර තිබේ.

සැක­කරු වෙඩි තැබී­මෙන් අන­තු­රුව ඊයේ (05) පස්වරු 05.35ට ඩුබායි බලා කටු­නා­යක ගුව­න්තො­ටු­පො­ළෙන් පිටත්ව යාමට නිය­මිත ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 550 දරන ගුවන් යාන­යට ගුව­න්තො­ටු­පොළ වෙත පැමිණ තිබේ . හොරණ, අළු­බෝ­මුල්ල පොලි­සියේ දැනු­වත් කිරීම මත මෙසේ ඩුබායි බලා පිටත්ව යාමට කටු­නා­යක ගුව­න්තො­ටු­පොළ වෙත පැමිණ සිටි මෙම වෙඩි­ක්කරු ආග­මන විග­මන දෙපා­ර්ත­මේන්තු නිල­ධා­රීන් විසින් අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. මොහු පසු­ගිය මස 29 දින ඩුබායි සිට මෙර­ටට පැමිණ තිබූ අතර, මොහු මෙම වෙඩි තැබීම සඳ­හාම පැමිණ ඇති බවට පොලි­සිය සැක පළ කරයි . හොරණ, අළු­බෝ­මුල්ල පොලි­සියේ නිල­ධා­රීන් පිරි­සක් කටු­නා­යක ගුව­න්තො­ටු­පොළ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව වෙත පැමිණ මෙම සැක­කරු එම පොලි­සිය වෙත රැගෙන යාමට පිය­වර ගෙන තිබේ.

රක්ෂණ ශ්‍රියන්ත, බණ්ඩා­ර­ගම - බිමල් ජය­සිංහ, කටු­නා­යක - ටී.කේ.ජී. කපිල, හල්තොට සමූහ- විනීතා මානෙල් ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT