Sunday, May 19, 2024
Home » ශ්‍රී ලංකාව ආසි­යානු රග්බි ශූර­තාව දිනාගනී

ශ්‍රී ලංකාව ආසි­යානු රග්බි ශූර­තාව දිනාගනී

ලබන වසරේ ප්‍රධාන තර­ගා­ව­ලි­ය­ටත් යයි

by damith
May 6, 2024 1:18 am 0 comment
ශ්‍රී ලංකා නායක සුහිරූ ඇන්තනී ක්‍රීඩා ඇමැති හරින් ප්‍රනාන්දු අතින් කුස­ලා­නය ලබා­ගත් අයුරු.

කස­ක­ස්තා­න­යට එරෙ­හිව ලකුණු 45-7ක දැවැන්ත ජයක් වාර්තා කළ ශ්‍රී ලංකාව ආසි­යානු රග්බි පළමු කොටසේ ශූර­තාව දිනා ගැනී­මට සමත් විය. කොළඹ තුරඟ තරග පිටියේ පසු­ගි­යදා පැවති අව­සන් මහා තර­ග­යේදී සුහිරූ ඇන්ත­නීගේ නාය­ක­ත්ව­යෙන් යුතු ශ්‍රී ලංකාව ගෝල 5ක් සහ උත්සා­හක දිනුම් 2ක් රැස් කළ අතර, කස­ක­ස්තා­න­යට රැස් කිරී­මට හැකි වූයේ ගෝල­යක් පමණි. තර­ගයේ පළමු භාගය අව­සන් වෙද්දී ශ්‍රී ලංකා පිල ලකුණු 31-0 කින් පෙර­මුණ ගත්තේය. මේ ජය­ග්‍ර­හ­ණ­යත් සමඟ ශ්‍රී ලංකාව ලබන වසරේ ආසි­යානු රග්බි ශූර­තා­ව­ලියේ ප්‍රධාන තර­ගා­ව­ලි­යට සුදු­සු­කම් ලබා ගත්තේය.

ශ්‍රී ලංකාව වෙනු­වෙන් සුබෙර් දොරේ, අදීෂ වීර­තුංග, තෙනුක නානා­ය­ක්කාර, තරින්ද රත්වත්ත, දිනාල් ඒක­නා­යක, හේෂන් ජැන්සෙන් සහ සචිත් සිල්වා උත්සා­හක දිනුම් තැබී­මට සමත් වූහ. තරින්ද රත්වත්ත උත්සා­හක දිනුම් 3ක් ද, තෙනුක නානා­ය­ක්කාර සහ හිරූෂ නෙත්මිණ උත්සා­හක දිනුම බැගින් ද ගෝල බවට පත් කළහ.

මේ අතර අව­සන් මහා තර­ග­යට පෙර තර­ගා­ව­ලියේ තුන්වැනි ස්ථානය සඳහා කටාර් රාජ්‍යය සහ ඉන්දි­යාව අතර පැවති තර­ග­යෙන් ලකුණු 34-25ක ජයක් වාර්තා කිරී­මට කටාර් රාජ්‍යය පිල සමත් විය.


ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් රග්බි ශූර­යන්ට ලක්ෂ 88ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ආසි­යානු රග්බි පළමු කාණ්ඩයේ ශූර­තාව දිනා­ගත් ශ්‍රී ලංකා රග්බි පිලට අමෙ­රි­කානු ඩොලර් 30,000ක් (ශ්‍රී ලංකා රුපි­යල් ලක්ෂ 88ක්) පිරි­න­මයි. ශ්‍රී ලංකා ක්‍රිකට් සභා­පති ෂම්මි සිල්වා මහ­තාගේ යෝජ­නා­වක් අනුව ක්‍රිකට් විධා­යක කමි­ටුව මේ මුදල අනු­ම­ත­කොට ඇත.

මේ ආසි­යානු ජය­ග්‍ර­හ­ණය පිළි­බඳ ශ්‍රී ලංකා ක්‍රිකට් අති­ශය සතු­ටට පත්වන බවත්, ජාතික රග්බි ක්‍රීඩාවේ ප්‍රව­ර්ධ­නය හා ආසි­යානු රග්බි කවයේ ඉහ­ළට කණ්ඩා­යම ගමන් කිරීම ක්‍රීඩා ක්ෂේත්‍ර­යට සුබ­දා­යක බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේ­ද­න­යක් නිකුත් කර­මින් කියා සිටී.

ෆවුස් මොහො­මඩ්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT