Sunday, May 19, 2024
Home » පියාගේ රහ­සඟ පිහි­ය­කින් කපා කැලේට විසි කළ පුතුන් දෙදෙනා මැයි 16දා දක්වා රිමාන්ඩ්

පියාගේ රහ­සඟ පිහි­ය­කින් කපා කැලේට විසි කළ පුතුන් දෙදෙනා මැයි 16දා දක්වා රිමාන්ඩ්

by damith
May 6, 2024 1:18 am 0 comment

සිය පියාගේ රහ­සඟ පිහි­ය­කින් කපා කැලේට විසි කර ඇතැයි කියන පුතුන් දෙදෙනා මැයි 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස කෑගල්ල මහේ­ස්ත්‍රාත් සශිකා මිතුන ආර­ච්චිගේ මහ­ත්මිය ඉකුත් 03 වැනිදා නියෝග කළාය.

මෙලෙස රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර ඇත්තේ රඹු­ක්කන පොලිස් වසමේ යට­ගම උඩ­ගම පදිං­චිව සිටින 34 හැවි­රිදි කොලො­න්ග­ස්දෙ­ණිය මුදි­ය­න්සේ­ලාගේ ගෙදර සුසන්ත හේරත් සහ 30 හැවි­රිදි කොලො­න්ග­ස්දෙ­ණිය මුදි­ය­න්සේ­ලාගේ ගෙදර අනුර කුමාර යන අයියා මලෝ දෙදෙ­නාය. සිද්ධිය සම්බ­න්ධ­යෙන් රඹු­ක්කන පොලි­සිය අධි­ක­ර­ණ­යට කරුණු දක්ව­මින් කියා සිටියේ රඹු­ක්කන යට­ගම ප්‍රදේ­ශයේ මවු­පිය යුව­ළක් අවි­වා­හක පිරිමි දරු­වන් තිදෙ­නෙක් සමඟ පදිං­චිව සිටින බවත් ඔවුන්ගේ පියා සෑම දින­කම කුලී වැඩ කර සව­සට මත්පැන් පානය කර නිවෙ­සට පැමිණ කාල­යක සිට බිරිය සමඟ ගැටුම් ඇති කර­ගෙන බැණ තර්ජ­නය කර පහර දෙන බවත්ය.

ඉකුත් 30 වැනිදා රාත්‍රි සුපු­රුදු පරිදි මත්පැන් පානය කර නිවෙ­සට පියා පැමිණ ඇති බවත් එම අව­ස්ථාවේ දී නිවෙසේ වැඩි­ම­හල් පිරිමි දරුවා හා බාල පිරිමි දරුවා පම­ණක් නිවෙසේ සිට ඇති බවත් දෙවැනි පිරිමි දරුවා නිවෙ­සින් බැහැ­රව ගොස් ඇති බවත් පැව­සීය. එදින ද මවු­පිය යුවළ අතර නිවෙසේ සාලයේ දී ගැටු­මක් හට­ගෙන ඇති බවත් පියා සිය බිරි­යට පහර දෙන අව­ස්ථාවේ දී පිරිමි දරු­වන් දෙදෙනා මවු­පිය යුව­ළගේ ගැටුම සම­ථ­ය­කට පත් කිරී­මට ගිය අව­ස්ථාවේ දී පියා ඇඳ සිටි සරම ගැළවී බිමට වැටී ඇති බවත් පොලි­සිය පැව­සීය.

පසුව බාල පුතා කුස්සි­යට දිව­ගොස් පිහි­යක් රැගෙන පැමිණ පියාගේ රහ­සඟ මැදින් වෙන් වෙන්නම කපා කැල­යට විසි කර ඇති බවත් පසුව තුවා­ල­කරු කෑග­සා­ගෙන නිවෙ­සින් පිට­තට දිව­ගොස් එළිය වැටෙන තුරු කැලයේ රැය පහන් කර පසු දා (01 වැනිදා) රඹු­ක්කන රෝහ­ලට ඇතු­ළත් වී ඇති බවත් පැව­සීය. පසුව රඹු­ක්කන රෝහ­ලෙන් තුවා­ල­කරු වැඩි­දු­ර­ටත් ප්‍රති­කාර සඳහා කෑගල්ල මහ රෝහ­ලට මාරු කර ඒවා ඇති අතර එදින කෑගල්ල මහ රෝහලේ දී තුවා­ල­ක­රුට ශල්‍ය­ක­ර්ම­යක් සිදු කර ඇති බවත් පැව­සීය. පසුව තුවා­ල­කරු කෑගල්ල මහ රෝහලේ අධි­ක­රණ වෛද්‍ය­ව­රයා වෙත 02 වැනිදා රෝහල් කාර්ය මණ්ඩ­ලය විසින් ඉදි­රි­පත් කෙරිණ.

පසුව සිද්ධිය සම්බ­න්ධ­යෙන් කෑගල්ල මහ රෝහලේ පොලිස් මුර­පොළ මඟින් රඹු­ක්කන පොලි­සිය දැනු­ම්වත් කිරී­මෙන් පසුව රඹු­ක්කන පොලි­සිය මඟින් සැක­කාර අයියා මලෝ දෙදෙනා 02 වැනිදා අත්අ­ඩං­ගු­වට ගෙන 03 වැනිදා කෑගල්ල මහේ­ස්ත්‍රාත් සශිකා මිතුන ආර­ච්චිගේ මහ­ත්මිය වෙත ඉදි­රි­පත් කළේය.

පොලි­සිය ඉදි­රි­පත් කරන ලද කරුණු සැල­කි­ල්ලට ගත් මහේ­ස්ත්‍රා­ත්ව­රිය සැක­කාර අයියා මලෝ දෙදෙනා මැයි 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස නියෝග කළාය. රඹු­ක්කන පොලි­සියේ අප­රාධ විම­ර්ශන අංශයේ ස්ථානා­ධි­පති උප පොලිස් පරී­ක්ෂක කීර්ති ඇතු­ගල මහ­තාගේ උප­දෙස් පරිදි පොලිස් සැර­යන් ජය­සූ­රිය (34688)) සිද්ධිය සම්බ­න්ධ­යෙන් විම­ර්ශන කට­යුතු සිදු කර තිබුණි.

කෑගල්ල විශේෂ - චමින්ද ජය­ලත්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT