Sunday, May 19, 2024
Home » වැලි­ගම මුහුදේ දිය නෑමට ගිය තිදෙ­නෙක් රළ පහ­ර­කට හසු­වෙති

වැලි­ගම මුහුදේ දිය නෑමට ගිය තිදෙ­නෙක් රළ පහ­ර­කට හසු­වෙති

අයෙක් ජීවි­ත­ක්ෂ­යට දෙදෙ­නකු දිවි බේරා­ගෙන

by damith
May 6, 2024 1:17 am 0 comment

වැලි­ගම ගන්දූව ආස­න්නයේ මුහුදේ දිය නෑමට ගිය තරු­ණ­යින් තිදෙ­නෙකු පෙරේදා (4) දහ­වල් රළ පහ­ර­කට හසුව ගසා­ගෙන ගොස් ඇති බවත් දෙදෙ­නෙකු දිවි බේරා ගැනී­මට සමත්ව ඇති අතර එක් අයෙකු ජීවි­ත­ක්ෂ­යට පත්ව ඇතැයි වැලි­ගම පොලි­සිය පව­සයි.

වැලි­ගම කොලේ­දණ්ඩ ප්‍රදේ­ශයේ පදිංචි තරු­ණ­යන් තිදෙ­නෙකු පෙරේදා (4) උදෑ­සන වැලි­ගම ගන්දූව ආස­න්නයේ වෙරළ තීරයේ දිය නෑමට ගොස් ඇති අතර එම අව­ස්ථා­වේදී එම තරු­ණ­යන් තිදෙනා රළ පහ­ර­කට හසුවී ඇති අතර දෙදෙ­නෙකු දිවි බේරා ගැනී­මට සමත්ව ඇති අතර එක් අයෙකු දියේ ගිලී ජීවි­ත­ක්ෂ­යට පත්ව තිබේ.

මෙසේ ජීවි­ත­ක්ෂ­යට පත්ව ඇත්තේ වැලි­ගම කොලේ­දණ්ඩ ප්‍රදේ­ශයේ පදිං­චිව සිටි අබ්දුල් භාෂිත් නැමැති වයස 20ක් වන තරු­ණ­යෙකි. ජීවි­ත­ක්ෂ­යට පත්වූ තරු­ණ­යාගේ සිරුර මේ වන විට හමුවී ඇති අතර වැලි­ගම පොලි­සිය සිද්ධිය සම්බ­න්ධ­යෙන් වැඩි­දුර පරී­ක්ෂණ පව­ත්වයි.

වැලි­ගම අබේ­වි­ක්‍රම ගුණ­රත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT