Sunday, May 19, 2024
Home » ටෙස්ට් ක්‍රීඩ­ක­යන්ගේ දීමනා දෙගු­ණ­ය­කින් ඉහළට

ටෙස්ට් ක්‍රීඩ­ක­යන්ගේ දීමනා දෙගු­ණ­ය­කින් ඉහළට

by damith
May 6, 2024 1:17 am 0 comment

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව­ගු­ණය වැඩි කිරීමේ අර­මු­ණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නය දින පහේ ක්‍රිකට් ආකෘ­ති­යට සහ­භාගී වන ක්‍රීඩ­ක­යන් සඳහා තරග ගාස්තු සැල­කිය යුතු ලෙස වැඩි කරයි. එහි පළමු පිය­වර ලෙස තරග ගාස්තු අමෙ­රි­කානු ඩොලර් 7,500 සිට 15,000 දක්වා ඉහළ දමා ඇති අතර, එය දැනට ලැබෙන ගස්තුව මෙන් සිය­යට 100ක වැඩි­වී­මකි.

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා­වට ක්‍රීඩ­ක­යන්ගේ දිරි ගැන්වීම ශක්ති­මත් කිරීමේ අභි­ප්‍රාය ඇතිව, ටෙස්ට් ක්‍රිකට් ජය­ග්‍ර­හ­ණ­ය­කදී අමෙ­රි­කානු ඩොලර් 12,500ක් හා පරා­ජ­ය­කදී වුවද අමෙ­රි­කානු ඩොලර් 10,000ක් හිමි වේ.

දැනට විස්සයි20 ක්‍රිකට් ක්‍රීඩාවේ ශීඝ්‍ර වර්ධ­නය හමුවේ එම අභි­යෝ­ග­ව­ලට මුහුණ දෙමින් ටෙස්ට් ක්‍රිකට් තත්ත්වය ඉහළ දැමී­මට ලොව බොහෝ රට­වල් තරග ගාස්තු හා දිරි ගැන්වීම් වැඩි කොට ඇත. වැඩි­යෙන් ක්‍රීඩ­ක­යින් ‘රතු පන්දු’ ක්‍රිකට් ක්‍රීඩා­වට පිවි­සීම දිරි­මත් කිරීම මෙම­ගින් සිදු­කළ හැකි බව ක්‍රිකට් පරි­පා­ල­නයේ අද­හස වේ.

මේ ගෙවීම් වැඩි කිරීම හුදෙක් මූල්‍ය­මය කරුණු මත පම­ණක් නොව ක්‍රීඩ­ක­යින් අතර අභි­මා­නය සහ ජන­ප්‍රි­ය­ත්වය වර්ධ­නය කිරී­මක් ලෙසද සැලකේ. වඩාත් තර­ග­කාරී ගෙවීම් ලබා දීමෙන්, ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා­වට ප්‍රමු­ඛ­ත්වය දීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නයේ අර­මු­ණවී තිබේ.

ක්‍රිකට් ක්‍රීඩ­ක­යන් වස­ර­කට ක්‍රීඩා කරන්නේ ටෙස්ට් තරග කිහි­ප­යක් පම­ණක් වන අතර, ඔවුන්ගේ ආදා­යම එක්දින හා විස්සයි20 ක්‍රිකට් ක්‍රීඩාවේ නියැළී සිටින ක්‍රීඩ­ක­යින්ට වඩා සීමා වී ඇත. ඔවුන්ට ලොව පුරා ලීග­ව­ලට ක්‍රීඩා කිරී­මෙන් මුදල් උපයා ගැනීමේ අව­ස්ථාව තිබු­ණද ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩ­ක­යන්ට එවැනි අවස්ථා නැත.

ප්‍රින්ස් ගුණ­සේ­කර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT