Sunday, May 19, 2024
Home » අතරමඟ නැවතී ඇති සංව­ර්ධන ව්‍යාපෘති යළි ඇරැ­ඹී­මට ජපාන සහාය
කටු­නා­යක ගුවන්තොට පුළුල් කිරීම-සැහැල්ලු දුම්රිය ධාව­න වැඩසටහන

අතරමඟ නැවතී ඇති සංව­ර්ධන ව්‍යාපෘති යළි ඇරැ­ඹී­මට ජපාන සහාය

ජපාන විදේශ කට­යුතු ඇමැ­තිනි ජන­ප­තිට පොරොන්දු වෙයි

by damith
May 6, 2024 1:19 am 0 comment
දෙදින නිල සංචා­ර­යක් සඳහා මෙර­ටට පැමිණ සිටින ජපාන විදේශ කට­යුුතු ඇමැ­තිනි යෝකෝ කමි­කාවා මහ­ත්මිය ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා ජනා­ධි­පති කාර්යා­ලයේ දී පෙරේදා (04) හමු වූ අව­ස්ථාව.

කටු­නා­යක බණ්ඩා­ර­නා­යක ජාත්‍ය­න්තර ගුව­න්තො­ටු­පොළ (BIA) පුළුල් කිරීමේ ව්‍යාපෘ­තිය සහ සැහැල්ලු දුම්රිය (LRT) ව්‍යාපෘ­තිය ඇතුළු ජපාන රජයේ සහාය ඇතිව මෙරට ක්‍රියා­ත්මක, දැනට අත­ර­මඟ නැවතී ඇති සංව­ර්ධන ව්‍යාපෘති නැවත කඩි­න­මින් ආරම්භ කිරීම තම රජයේ අර­මුණ බව ජපාන විදේශ කට­යුුතු ඇමැ­තිනි යෝකෝ කමි­කාවා මහ­ත්මිය පැව­සු­වාය.

ඇය මේ බව සඳ­හන් කළේ ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා ජනා­ධි­පති කාර්යා­ලයේ දී පෙරේදා (04) පෙර­ව­රුවේ හමු වූ අව­ස්ථා­වේ­දීය.

දෙදින නිල සංචා­ර­යක් සඳහා මෙර­ටට පැමිණ සිටින ජපාන විදේශ කට­යුතු ඇමැ­තිනි යෝකෝ කමි­කාවා මහ­ත­මිය ජනා­ධි­ප­ති­ව­රයා හමුවේ මෙහි දී පැවැ­සුවේ ශ්‍රී ලංකාව ආර්ථික අර්බු­ද­යෙන් මුදා ගනි­මින් රටේ ආර්ථි­කය ස්ථාවර කිරී­මට ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා ගෙන යන වැඩ­පි­ළි­වෙළ අගය කරන බවයි.

ශ්‍රී ලංකාව ආර්ථික අර්බු­ද­යෙන් මුදා සිදු­ක­රන ආර්ථික ප්‍රති­සං­ස්ක­රණ ක්‍රියා­ව­ලිය ද මෙහි දී ජපාන විදේශ ඇමැ­තිනි යෝකෝ කමි­කාවා මහ­ත්මි­යගේ ඇග­යී­මට ලක් කෙරිණි. ශ්‍රී ලංකාවේ ණය ප්‍රති­ව්‍යු­හ­ගත කිරීම සම්බ­න්ධ­යෙන් වන අව­බෝ­ධතා ගිවි­සුම කඩි­න­මින් අත්සන් තැබීම පිළි­බඳ ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

කාන්තා අයි­ති­වා­සි­කම් සහ ස්ත්‍රී පුරුෂ සමා­නා­ත්ම­තාව වෙනු­වෙන් දැඩි ලෙස පෙනී සිටින ජපාන විදේශ අමාත්‍ය කමි­කාවා මහ­ත්මිය, ශ්‍රී ලංකාවේ ඊට අදා­ළව නව නීති සම්පා­ද­නය කර­මින් මේ සම්බ­න්ධ­යෙන් ශ්‍රී ලංකා ජනා­ධි­ප­ති­ව­රයා ගෙන ඇති සාධ­නීය පිය­වර ඇග­යී­මට ලක් කළාය.

ශ්‍රී ලංකාව සහ ජපා­නය අතර පව­තින ඓති­හා­සික සබ­ඳ­තාව මෙහි දී සිහි­පත් කළ ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා දෙර­ට­ටම ප්‍රති­ලාභ සැල­සෙන අයු­රින් දෙරට අතර සහ­යෝ­ගී­තාව ශක්ති­මත් කර ගැනීම තම අර­මුණ බව ද පැවැ­සීය.

පසු­ගිය ආර්ථික අර්බු­දය හමුවේ ජපා­නය ශ්‍රී ලංකාව වෙනු­වෙන් ලබා දුන් සහාය පිළි­බඳ සිය ස්තූතිය පිරි­නැ­මී­මට ද ජනා­ධි­ප­ති­ව­රයා මෙය අව­ස්ථා­වක් කර ගත්තේය.

විදේශ කට­යුතු අමාත්‍ය ජනා­ධි­පති නීතිඥ අලි සබ්‍රි, ජාතික ආර­ක්ෂාව පිළි­බඳ ජනා­ධි­පති ජ්‍යෙෂ්ඨ උප­දේ­ශක හා ජනා­ධි­පති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නා­යක, ජනා­ධි­පති ලේකම් සම­න්‍ ­ඒ­ක­නා­යක, විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශයේ ලේකම් අරුණි විජේ­ව­ර්ධන, ආර්ථික කට­යුතු පිළි­බඳ ජනා­ධි­පති ජ්‍යෙෂ්ඨ උප­දේ­ශක ආචාර්ය ආර්. එච්. එස්. සම­ර­තුංග, ජාත්‍ය­න්තර කට­යුතු පිළි­බඳ ජනා­ධි­පති අධ්‍යක්ෂ දිනුක් කොළ­ඹගේ යන මහත්ම මහ­ත්මීහූ ද මෙම අව­ස්ථා­වට එක්වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT