Sunday, May 19, 2024
Home » ‘මගේ සිහි­නය සැබෑ වුණා’ අයි­සීසී සම්මා­නය දෝතට ගත් චමරි කියයි

‘මගේ සිහි­නය සැබෑ වුණා’ අයි­සීසී සම්මා­නය දෝතට ගත් චමරි කියයි

by damith
May 6, 2024 1:19 am 0 comment

ලෝක කාන්තා එක්දින ක්‍රීඩි­කාව ලෙස චමරි අත­පත්තු පසු­ගි­යදා ජාත්‍ය­න්තර ක්‍රිකට් කවු­න්සි­ලය නම් කළ අතර, ඇයට හිමි සම්මා­නය ජගත් ක්‍රිකට් කවු­න්සි­ලය විසින් චමරි අත­පත්තු වෙත පසු­ගි­යදා ප්‍රදා­නය කරන ලදි. පසු­ගිය වසරේ ජාත්‍ය­න්තර එක්දින පිටියේ සියලු ක්‍රිකට් ක්‍රීඩි­කා­වන් අත­රින් දක්වන ලද සුවි­ශේෂී දක්ෂතා අනුව චමරි අත­ප­ත්තුට මේ උසස්ම සම්මා­නය පිරි­නැ­මු­වේය. එක්දින පිති­ක­රණ ලැයි­ස්තුවේ ඉහ­ළින්ම තම ස්ථාව­රය පවත්වා ගනි­මින් හා තුන් ඉරි­යව් ක්‍රීඩි­කා­වක් ලෙස දස්කම් දක්ව­මින් ඇය දෙස් – විදෙස් ක්‍රිකට් විචා­ර­ක­යන්ගේ අව­ධා­නය දිනා ගැනී­මට සමත් වූවාය.

ඇය සිය ෆේස්බුක් ගිණුමේ එම ඡායා­රූ­පය ද සමඟ සට­හ­නක් තබ­මින් පැවැ­සුවේ “අව­සා­නයේ මගේ සිහි­නය සැබෑ වුණා” යනු­වෙනි.

ප්‍රින්ස් ගුණ­සේ­කර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT