Sunday, May 19, 2024
Home » හොර පාරෙන් ගෙනා ලක්ෂ පන­හක බීඩි කොළ මාම්පූ­රිය වෙරළේ

හොර පාරෙන් ගෙනා ලක්ෂ පන­හක බීඩි කොළ මාම්පූ­රිය වෙරළේ

by damith
May 6, 2024 1:19 am 0 comment

නොරො­ච්චෝල පොලිස් බල ප්‍රදේ­ශ­යට අයත් මාම්පූ­රිය වෙරළ තීරය ආස­න්නයේ නවතා තිබූ ඉන්දීය බීඩි කොළ උර 20ක් සහිත ලොරි­යක් පෙරේදා (4) අලු­යම නොරො­ච්චෝල පොලි­සිය විසින් අත්අ­ඩං­ගු­වට ගෙන තිබිණි. ඒ සම­ඟම මෙම බීඩි කොළ මුහුදු මඟින් ප්‍රවා­හ­නය සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාව සහ එන්ජිම ද පොලිස් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

නොරො­ච්චෝල පොලිස් ස්ථානා­ධි­ප­ති­තු­මාට ලද තොර­තු­ර­කට අනුව මෙම වැට­ලීම සඳහා යමින් සිටි­යදී අදාළ සැක­ක­රු­වන් එම ස්ථානය මඟ හැර පලා ගොස් ඇතැයි පොලි­සිය වැඩි­දු­ර­ටත් පැවැ­සීය. මෙම බීඩි කොළ ඇසු­රුම් හී බීඩි කොළ කිලෝ 600ක් තිබුණු අතර එහි දළ වටි­නා­කම රුපි­යල් ලක්ෂ 50ක් බැව් පොලි­සියේ අද­හ­සයි.

අදාළ ලිපි ලේඛන ඇසු­රින් පරී­ක්ෂණ මෙහෙ­යවා සැක­ක­රු­වන් සොයා ගැනී­මට නිය­මි­තය. රේගු නීති උල්ලං­ඝ­නය කර­මින් වරා­යක් නොවන ස්ථාන­ය­කින් භාණ්ඩ ගොඩ බෑම, රටට හිමි විය යුතු අධික තීරු බද්දක් අහිමි කිරීම ආදී චෝදනා යටතේ මෙම නඩු භාණ්ඩ පුත්ත­ලම මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තය. නොරො­ච්චෝල පොලි­සියේ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක එස්. ධර්ම කුමාර මහ­තාගේ මෙහෙ­ය­වී­මෙන් නොරො­ච්චෝල පොලිස් නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් මෙම වැට­ලීම සිදු කළහ.

කල්පි­ටිය සමූහ - කුමාරී පද්ම­ලතා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT