Sunday, May 19, 2024
Home » වංචා විම­ර්ශන අංශයේ තවත් IP කෙනෙක් රිමාන්ඩ්
කොල්ලු­පි­ටි­යේදී කෝටි­යක අල්ල­සක් ගැනීම

වංචා විම­ර්ශන අංශයේ තවත් IP කෙනෙක් රිමාන්ඩ්

by damith
May 6, 2024 1:12 am 0 comment

කොල්ලු­පි­ටිය ප්‍රදේ­ශයේ දී කෝටි­යක අල්ලස් මුද­ලක් ලබා ගැනීමේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් අත්අ­ඩං­ගු­වට ගත් වංචා විම­ර්ශන අංශයේ තවත් පොලිස් පරී­ක්ෂ­ක­ව­ර­යකු ලබන 15 තෙක් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස කොටුව මහේ­ස්ත්‍රාත් කෝසල සේනා­ධීර මහතා පෙරේදා පෙරේදා (4 ) නියෝග කළේය.

සැක­කරු මෙම සිද්ධිය සම්බ­න්ධ­යෙන් කිසිදු මුද­ලක් ලබා ගෙන නොමැති බවත් මුදල් ලබා ගත් අනෙක් දෙදෙනා සැක­ක­රුට කිසිදු මුද­ලක් ලබා දී නැති බවත් කිය­මින් ඔහුට ඇප ලබා දෙන ලෙස ඔහු වෙනු­වෙන් නිතිඥ මඬු­ල්ලක් සිදු කළ ඇප ඉල්ලීම ප්‍රති­ක්ෂේප කළ මහේ­ස්ත්‍රා­ත්ව­රයා සැක­කරු රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස නියෝග කළේය. සැක­ක­රුගේ දුර­ක­තන දත්ත වාර්තා­වක් කැඳවා ඇති බව කී පොලි­සිය ඔහුගේ බැංකු ගිණුම් පරී­ක්ෂා­වට අව­සර ලබා දෙන ලෙස සිදු කළ ඉල්ලී­මට මහේ­ස්ත්‍රා­ත්ව­රයා අව­සර ලබා දුන්නේය. එමෙන්ම මේ සිද්ධි­යට අදා­ළව වංචා විම­ර්ශන අංශයේ සේවය කරන තවත් සැර­ය­න්ව­රුන් දෙදෙ­නකු අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව ලබන 15 තෙක් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර ඇත.

පසු­ගිය මාර්තු මස 22 වනදා පැමි­ණි­ලි­ක­රුගේ නි‍ෙව­සට ඇතුළු වී අප­රාධ පරී­ක්ෂණ නිල­ධා­රින් බවට පවසා සේප්පුවේ තිබූ මුදල් කොල්ලකා මෙම සැක­ක­රු­වන් ඇතුළු පිරි­සක් ගාලු පාරෙන් පලා ගොස් ඇති බවත් වංචා විම­ර්ශන අංශයේ තවත් නිල­ධා­රින් පිරි­සක් සිද්ධිය සම්බ­න්ධ­යෙන් අත්අ­ඩං­ගු­වට ගැනී­මට විම­ර්ශන සිදු වන බවත් පොලි­සිය අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය. පැමි­ණි­ලි­ක­රුගේ නි‍ෙව­සට ඇතුළු වී මරණ බවට තර්ජ­නය කර පහර දී අ‍ෙම­රි­කානු ඩොලර් 3500ක් සහ රුපි­යල් එක්කෝටි විසි ලක්ෂ­යක් කොල්ලකා ඇති අතර මෙම සිද්ධි­යට අදා­ළව තවත් කාන්තා­වක් ඇත. සැක­ක­රු­වන් සිව් දෙනකු අල්ලස් කොමි­සම විසින් අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් පත් කර ලබන 14 තෙක් රක්ෂිත බන්ධ­න­ගා­ර­ගත කිරී­මට කොළඹ අලු­ත්කඩේ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කර තිබේ.

අදාළ සැක­ක­රු­වන් පැමිණ එම නිවසේ සේවය කර­මින් සිටි ඉන්දි­යානු ජාති­ක­යාගේ විදේශ ගමන් බල­ප­ත්‍රය රැගෙන ගොස් ඇති බවත් ඉන් අන­තු­රුව පැමි­ණි­ලි­ක­රුට දුර­ක­ත­න­යෙන් ඇම­තු­මක් ලබා දී ඔහුට විරු­ද්ධව විම­ර්ශ­න­යට උදව් කිරී­මට සහ රැගෙන යන ලද විදේශ ගමන් බල­ප­ත්‍රය නැවත ලබා­දී­මට රුපි­යල් කෝටි 4ක මුද­ලක් අල්ලස් ලෙස ඉල්ලා තිබේ. පසුව එම මුදල කෝටි තුන­හ­මා­රක් දක්වා අඩු­කර මුල් කොටස ලෙස රුපි­යල් කෝටි­යක මුද­ලක් අල්ලස් ලෙස ඉල්ලා ඇති බව විම­ර්ශන මඟින් අනා­ව­ර­ණය කර ඇති අතර අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභාව විසින් මෙලෙස අත්අ­ඩං­ගු­වට ගත් සිව්දෙ­නා­ගෙන් කළ ප්‍රශ්න කිරී­ම්ව­ලට අනුව සැක­කාර පොලිස් සැර­ය­න්ව­රුන් දෙදෙ­නෙක් පොලිස් පරී­ක්ෂ­ක­ව­ර­යෙක් මෙලෙස අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර ඇත. සිද්ධිය සම්බ­න්ධ­යෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව වැඩි­දුර පරී­ක්ෂණ සිදු කරයි.

සුභා­ෂිණී සේනා­නා­යක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT