Sunday, May 19, 2024
Home » හෝමා­ගම මහින්ද රාජ­පක්ෂ විද්‍යා­ලයේ ශිෂ්‍ය පාර්ලි­මේ­න්තුවේ දෙවන සැසි­වා­රය පාර්ලි­මේ­න්තුවේ මහ ලේකම් අතින් විවෘත වෙයි

හෝමා­ගම මහින්ද රාජ­පක්ෂ විද්‍යා­ලයේ ශිෂ්‍ය පාර්ලි­මේ­න්තුවේ දෙවන සැසි­වා­රය පාර්ලි­මේ­න්තුවේ මහ ලේකම් අතින් විවෘත වෙයි

by damith
May 6, 2024 1:12 am 0 comment

ශ්‍රී ලංකා පාර්ලි­මේ­න්තුවේ මහ ලේකම් කුෂානි රෝහ­ණ­ධීර මහ­ත්මි­යගේ ප්‍රධා­න­ත්ව­යෙන් හෝමා­ගම මහින්ද රාජ­පක්ෂ විද්‍යා­ලයේ ශිෂ්‍ය පාර්ලි­මේ­න්තුවේ දෙවන සැසි­වා­රය ආරම්භ කිරීම එම විද්‍යා­ලයේ දී සිදු කෙරිණි. පසු­ගිය කාලයේ පැවැති කොවිඩ් වසං­ගත සම­යෙහි නවතා දමා තිබූ වැඩ­ස­ට­හන විද්‍යා­ලයේ විදු­හ­ල්පති සරත් බන්දු ගුණ­සේ­කර මහ­තාගේ උප­දෙස් පරිදි විද්‍යා­ල­යීය ආචාර්ය මණ්ඩ­ලය විසින් මෙම ශිෂ්‍ය පාර්ලි­මේ­න්තුව සංවි­ධා­නය කර තිබිණි.

මෙහිදී එම ශිෂ්‍ය පාර්ලි­මේ­න්තුවේ කතා­නා­ය­ක­ව­රයා ලෙස චමෝදි අමා ශිෂ්‍ය­යාව නිත­ර­ඟ­යෙන් තෝරා පත් කර ගැනුණි. දකුණ ආසි­යාවේ විශා­ල­තම මිශ්‍ර පාසල ලෙස සැල­කෙන මහින්ද රාජ­පක්ෂ විද්‍යා­ලයේ දරු­වන් හත් දහ­ස­කට වැඩි පිරි­සක් ඉගෙ­නුම ලබති.

මීගොඩ - බී.කේ. කත්‍රි­ආ­රච්චි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT