Sunday, May 19, 2024
Home » හාල් දුන්නේ නැතැයි පනාපිටිය ග්‍රාම නිල­ධා­රි­නිය ගුටි කා රෝහලේ

හාල් දුන්නේ නැතැයි පනාපිටිය ග්‍රාම නිල­ධා­රි­නිය ගුටි කා රෝහලේ

කතක් අත්අ­ඩං­ගු­වට

by damith
May 6, 2024 1:16 am 0 comment

රජය මඟින් බෙදා හරින සහල් තමන්ට නොලැ­බු­ණැයි උරණ වූ කාන්තා­වක විසින් සිදු කළ පහ­ර­දී­ම­කින් ග්‍රාම නිල­ධා­රි­නි­යක තුවාල ලබා පාණ­දුර මූලික රෝහ­ලට ඇතු­ළත් කර තිබේ.

මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ පනා­පි­ටිය දකුණ ග්‍රාම නිල­ධාරී වසම භාර නිල­ධා­රි­නිය වන අතර පහර දීම සම්බ­න්ධව වස්ක­ඩුව පනා­පි­ටිය ප්‍රදේ­ශයේ පදිංචි කාන්තා­වක පොලි­සිය විසින් අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

මේ දින­වල රජය මඟින් ලබා දෙන සහල් සැක­කා­රි­යට ලැබී නොමැති අතර, ඒ සම්බ­න්ධ­යෙන් දෙදෙනා අතර කතා­බ­හක් සිදුව ඉන් අන­තු­රුව පහ­ර­දීම සිදු කර ඇති බවට පැමි­ණිල්ලේ සඳ­හන්ව ඇතැයි පොලි­සිය පව­සයි.

පහ­ර­කෑ­මට ලක් වූ ග්‍රාම නිල­ධා­රී­ව­රිය පාණ­දුර මූලික රෝහලේ ප්‍රති­කාර ලබ­මින් සිටින බව ද රෝහල් ප්‍රකා­ශ­ක­යෙක් පැවැ­සීය. සැක­කා­රිය කළු­තර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තය.

කළු­තර උතුර ස්ථානා­ධි­පති (වැබ) ප්‍රධාන පොලිස් පරී­ක්ෂක එස්.ආර්.ඒ. ගුණ­සේ­කර මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පරී­ක්ෂණ පව­ත්වති.

පොතු­පි­ටිය - සුමිත් ප්‍රේම­ති­ලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT