Sunday, May 19, 2024
Home » ටී 56 ගිනි­අවියක් රිවෝ­ල්වරයක් ජීව උණ්ඩ, හොරො­යින් සමඟ මත් ජාවාරමුන් 4ක් මාට්ටු

ටී 56 ගිනි­අවියක් රිවෝ­ල්වරයක් ජීව උණ්ඩ, හොරො­යින් සමඟ මත් ජාවාරමුන් 4ක් මාට්ටු

by damith
May 6, 2024 1:15 am 0 comment

ටී 56 ගිනි අවි, රිවෝ­ල්වර, ගිනි අවි, ජීව උණ්ඩ සහ හොරො­යින් මත්කුඩු තොග­යක් සමඟ සංවි­ධා­නා­ත්මක අප­රා­ධ­ක­රු­වකු සහ මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­ව­කුගේ සමී­ප­තම ගෝල­යින් සිව් දෙනකු අත්අ­ඩං­ගු­වට ගත් බව මෝදර පොලි­සිය කියයි.

එම සැක­ක­රු­වන් අතර එකම පවුලේ සහෝ­ද­ර­යන් දෙදෙ­නෙකු ද වන බව පොලි­සිය කියයි.

සැක­ක­රු­වන් සමඟ ටී 56 ගිනි අවි­යක්, විදේශ රටක නිෂ්පා­දිත රිවෝ­ල්වර වර්ගයේ ගිනි අවි­යක්, ටී 56 මැග­සින් 2ක්, ටී 56 ජීව උණ්ඩ 265ක්, නයින් එම් එම් උණ්ඩ 23ක්, යතු­රු­පැදි 2ක්, හොරො­යින් ග්‍රෑම් 67 මිලි­ග්‍රෑම් 400ක් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 1ක් හා ත්‍රිරෝද රථ­යක් පොලි­සිය භාර­යට ගෙන ඇත.

මත්ද්‍රව්‍ය තොග­යක් රැගෙන පුද්ග­ල­යන් දෙදෙ­නෙකු ත්‍රිරෝද රථ­ය­කින් මෝදර වෙරළ තීරයේ විදු­හ­ලක් පිටු­පස මුහු­දට අප­ද්‍රව්‍ය ගලා යන බට­යක් අසල ලඳු කැලෑ­ව­කට පැමි­ණෙන බවට මෝදර පොලි­සියේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක නලින් දර්ශන මහ­තාට ලද තොර­තු­ර­කට අනුව ඒ මහතා ඇතුළු පොලිස් කණ්ඩා­ය­මක් පැය කීප­යක් තිස්සේ එම කැලෑව ආස­න්නයේ සැඟවී සිට ත්‍රිරෝද රථ­යක පැමිණි සැක­ක­රු­වන් දෙදෙ­නකු අත්අ­ඩං­ගු­වට ගෙන සිදු කළ ප්‍රශ්න කිරී­මේදී මෙම ගිනි අවි සහ ජීව උණ්ඩ තොගය ඇතුළු සෙසු සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගැනී­මට හැකි වූ බව පොලි­සිය කියයි.

ත්‍රිරෝද රථයේ පැමිණි එක් පුද්ග­ල­යකු සන්ත­කයේ හෙරො­යින් මත්කුඩු ග්‍රෑම් 25 මිලි­ග්‍රෑම් 300ක් සහ අනෙක් සැක­කරු සන්ත­කයේ හොරො­යින් මත්කුඩු ග්‍රෑම් 15 මිලි­ග්‍රෑම් 700ක් තිබී හමු­වී­මෙන් අන­තු­රුව සිදු කළ වැඩි­දුර ප්‍රශ්න කිරී­මේදී රාගම තේවත්ත ගැමුණු මාවතේ අතුරු මාර්ග­යක නි‍ෙව­සක සඟවා තිබෙන ගිනි අවි සහ ජීව උණ්ඩ තොගය සම්බ­න්ධ­යෙන් තොර­තුරු අනා­ව­ර­ණය වූ බව පොලි­සිය කියයි.

එම සැක­ක­රු­වන් දෙදෙ­නා­ගෙන් වැඩි­දු­ර­ටත් ප්‍රශ්න කිරී­මේදී මෙම මත්ද්‍රව්‍ය සහ ගිනි අවි මේ වන විට ඩුබායි රාජ්‍ය­යට පලා ගොස් සැඟව සිට මත්ද්‍රව්‍ය ජාවා­රම් සහ සංවි­ධා­නා­ත්මක අප­රා­ධ­වල නියැ­ළෙන බ්ලුමැ­න්ඩල් රවී නමැ­ත්තාගේ හා ඔහුගේ ප්‍රධාන ගෝලයා වන මෙරට ජාලය මෙහෙ­ය­වන සමීර සංඛ නමැ­ත්තාගේ බව අනා­ව­ර­ණය වූ බව පොලිස් නිල­ධා­රි­යකු පැව­සීය.

සැක­ක­රු­වන්ගේ මඟ පෙන්වීම ඔස්සේ එම නි‍ෙවස සොයා යාමේදී නි‍ෙවස ආස­න්නයේ රැඳී සිටි පුද්ග­ල­යකු හෙරො­යින් මත්කුඩු මිලි­ග්‍රෑම් 16200ක් හා කේරළ ගංජා කිලෝ එකක් සමඟ අත්අ­ඩං­ගු­වට ගත් බවත් අන­තු­රුව එම නි‍ෙවස වටලා නි‍ෙවස තුළ සිටි පුද්ග­ල­ය­කුද හෙරො­යින් මත්කුඩු මිලි­ග්‍රෑම් 10200ක් අත්අ­ඩං­ගු­වට ගත් බව පොලි­සිය කියයි.

අන­තු­රුව සිදු කළ සෝදිසි මෙහෙ­යු­මේදී නි‍ෙවස තුළ සඟවා තිබූ ටී 56 ගිනි අවිය සහ සෙසු ජීව උණ්ඩ මෙන්ම රිවො­ල්වර වර්ගයේ ගිනි අවිය සේද­වත්ත නි‍ෙව­සක් තුළ වළ දමා තිබි­යදී රාගම නි‍ෙවස තුළ සිටි පුද්ග­ල­යාගේ ප්‍රකාශ මත සොයා­ගත් බව පොලි­සිය කියයි.

අත්අ­ඩං­ගු­වට ගත් සිය­ලුම සැක­ක­රු­වන් කොළඹ ප්‍රදේ­ශයේ පදිං­චි­ක­රු­වන්ය.

අත්අ­ඩං­ගු­වට ගත් සැක­ක­රු­වන් සිව් දෙනා අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කර රැඳ­වුම් නියෝග ලබා­ගෙන මෙම ගිනි අවි අප­රාධ සඳහා යොදා­ගෙන ඇත්ද ? තවත් ගිනි අවි සහ මත්ද්‍රව්‍ය තිබේද? යන්න සොයා දීර්ඝ විම­ර්ශ­න­යක් සිදු කරන බව පොලි­සිය කියයි.

මෝදර පොලි­සියේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක නලින් දර්ශන මහ­තාගේ උප­දෙස් මත ප්‍රධාන පොලිස් පරී­ක්ෂක පාලිත කරු­ණා­නා­යක පොලිස් සැර­ය­න්ව­රුන් වන (14929) ජය­ති­ලක (75734) අබේ­රත්න පොලිස් කොස්තා­ප­ල්ව­රුන් වන (87008) දිසා­නා­යක (24108) රොෂාන් (61335) ඉන්දික (24120) තාරක (75593) ජය­ති­ලක (2265) විජිත (97554) තුසිත මහ­ත්ව­රුන් පරී­ක්ෂණ පව­ත්වයි.

බණ්ඩා­ර­ගම - බිමල් ජය­සිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT