Sunday, May 19, 2024
Home » ගිනි අවි­යක් හා මූනි­ස්සම් 24ක් සමඟ දඩ­ය­ම්ක­රු­වෙක් කොටු

ගිනි අවි­යක් හා මූනි­ස්සම් 24ක් සමඟ දඩ­ය­ම්ක­රු­වෙක් කොටු

by damith
May 6, 2024 1:15 am 0 comment

මෙරට නිෂ්පා­ද­නය කළ තුව­ක්කු­වක් හා මූනි­ස්සම් කැට 24ක් සමඟ දඩ­ය­ම්ක­රු­වකු මාතලේ ඕවි­ලි­කන්ද ගල­උ­ඩ­හේන ප්‍රදේ­ශ­යෙදී අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. මාතලේ කොට්ටාස අප­රාධ විම­ර්ශන ඒක­කයේ සැර­යන් මඩ­ව­ලගේ මහ­තාට ලැබුණු තොර­තු­රක් අනුව මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී ලලිත් රෝහන ගමගේ මහතා දැනු­ම්වත් කර පොලිස් අධි­කාරී රෝහන වනි­ග­සේ­කර මහ­තාගේ උප­දෙස් අනුව කොට්ඨාස අප­රාධ විම­ර්ශන අංශයේ ප්‍ර.පො.ප. ජය­ම්පති බණ්ඩාර හා උ.පො.ප. දම­යන්ත මහ­තා­ගේද උප­දෙස් මත මෙම සැක­කරු පිළි­බඳ දීර්ඝ විම­ර්ශ­න­යක් සිදු කර අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. අත්අ­ඩං­ගු­වට ගත් සැක­කරු හා භාණ්ඩ අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තය. සැර­යන් (46583) මඩ­වල, පො.කො. (57165) හලං­ගොඩ සහ (81560) බුද්ධික යන අය වැට­ලීම සිදු කළේය.

උකු­වෙල සංචා­රක - ප්‍රියන්ත සුම­න­සේන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT