Sunday, May 19, 2024
Home » දිය­ණිය සමඟ ගාලු පාරේ ගිය මිත්ත­ණිය ත්‍රිරෝ­ද­ය­කට බිලි

දිය­ණිය සමඟ ගාලු පාරේ ගිය මිත්ත­ණිය ත්‍රිරෝ­ද­ය­කට බිලි

මිනි­බි­රි­ය­ටත් තුවාල

by damith
May 6, 2024 1:16 am 0 comment

බෙන්තොට ගාලු පාරේ තම මිනි­බි­රිය සමඟ ගමන් කර­මින් සිටි කාන්තා­වක් පෙරේදා (4) සවස හයට පමණ ත්‍රිරෝද රථ­යක ගැටීම නිසා බර­ප­තළ තුවාල ලබා ගිලන් රථ­ය­කින් කළු­තර නාගොඩ ශික්ෂණ රෝහ­ලට ගෙන­යන අත­ර­තු­රදී මිය­ගොස් ඇතැයි බෙන්තොට පොලි­සිය පැවැ­සීය.

මෙම අන­තු­රින් මිය­ගිය කාන්තා­වගේ අට හැවි­රිදි මිනි­බි­රිය ද තුවාල ලබා බෙන්තොට රෝහ­ලට ඇතු­ළත් කර ඇත. මෙසේ මිය­ගොස් ඇත්තේ බෙන්තොට රොබො­ල්ගොඩ පදිංචි එම්. මාලිනී රූප­ලතා නැමැති 65 හැවි­රිදි කාන්තා­වකි. තම මිනි­බි­රිය පෞද්ග­ලික පන්ති­යක සිට නිවෙ­සට කැඳ­වා­ගෙන යමින් සිටි­යදී මෙම අන­තුර සිදුවී ඇත.

මෙම මර­ණය පිළි­බ­ඳව හදිසි මරණ පරී­ක්ෂ­ණය කළු­තර නාගොඩ ශික්ෂණ රෝහ­ලේදී ඊයේ (5) පැවැ­ත්වී­මට නිය­මි­තව තිබිණි. බෙන්තොට පොලිස් ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක තුෂාර කාරි­ය­ව­සම් මහතා ඇතුළු පොලිස් නිල­ධා­රීහු සිද්ධිය පිළි­බ­ඳව වැඩි­දුර පරී­ක්ෂණ පව­ත්වති.

බෙන්තොට - එස්. මද්දෙ­වි­තාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT