Sunday, May 19, 2024
Home » වෙල්ඩින් ගිනි­පු­පු­ර­කින් කත­ළුව සංචා­රක නිකේ­ත­න­යක් ගිනි­ගෙන විනා­ශයි

වෙල්ඩින් ගිනි­පු­පු­ර­කින් කත­ළුව සංචා­රක නිකේ­ත­න­යක් ගිනි­ගෙන විනා­ශයි

by damith
May 6, 2024 1:16 am 0 comment

අහං­ගම කතළුව ප්‍රදේ­ශයේ පිහිටි සංචා­රක නිකේ­ත­න­යක පසු­ගිය සිකු­රාදා හදි­සියේ හට­ගත් ගින්න­කින් එම සංචා­රක නිකේ­ත­නයේ නවා­තැන් ගන්නා කාමර හත­රක් සම්පූ­ර්ණ­යෙන්ම විනා­ශවී ඇතැයි අහං­ගම පොලි­සිය පව­සයි. එහෙත් මෙම ගින්නෙන් කිසි­වෙ­කු­ටත් අන­තු­රක් සිදුවී නොමැති බවද පොලි­සිය සඳ­හන් කළේය.

කොග්ගල ගුවන් හමුදා කඳ­වුරේ ගිනි­නි­වන රථය පැමිණ පැතිර යමින් තිබූ ගින්න නිවා දමනු ලැබීය. එම සංචා­රක නිකේ­ත­නයේ අලු­ත්වැ­ඩියා කට­යුතු සිදු කර­මින් සිටින විට වෙල්ඩින් යන්ත්‍ර­ය­කින් පිටවූ ගිනි­පු­පු­ර­කින් මෙම ගින්න හට ගෙන ඇති බව මූලික විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වී ඇත. අහං­ගම පොලි­සිය මේ පිළි­බඳ වැඩි­දුර පරී­ක්ෂණ පව­ත්වයි.

දකුණු පළාත් සංචා­රක - එස්. දීය­ග­හගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT